කහන කුඩු.
අපට ගමේ සතුරන් කිහිප දෙනෙක් විය . පිට ගමකින් පැමිණ ඉතා වටිනා ඉඩමක් තරමක් අඩු මිලට ගත් නිසා එය කඩා වඩා ගැනීමටත් සූරා කෑමටත් බලා සිටි අය සතුරන් වූවා මිසක , අපේ දෙමවුපියන් දැන හෝ නොදැන කල වෙන වරදක් වූයේ නැත . මේ සතුරන් අතරින් කාලානුරූපව මිතුරන් වූ අයද නැත්තේ නොවේ . අයෙක් එසේ නොවී , මල විටක ගෙනියන්නට මෙන් තණ්හාව පෙරදැරිව දැවෙමින් සිටිති . එලෙස සතුරු කම් කල අය අතර , තවමත් ජීවත් වන එක්තරා පුද්ගලයෙකු සිටී . ඔහු ජීවතුන් අතර සිටින නිසා , ඔහුගේ නම මෙහි සදහන් නොකරමි . අප වතුර බොන ලිදෙහි බල්ලන් ඔබා නෑවීම , වත්ත උඩින් බීමත්ව ආයුධ පෙන්වමින් යෑම , වැට කඩොලු කැඩීම , ආදියෙන් නොනැවතී ඔහු දෙවරක් තාත්තා ඉලක්ක කර ගල් ප් රාහාර දෙකක්ද එල්ල කලේය . එක් ගලක් බිත්තියේ සිදුරක් ඇති කල අතර අනෙක ප් රදාන දොරෙහි දැඩි පැල්මක්ද ඇති කලේය . මේ කිසිවකින් තාත්තා සොලවන්නට බැරි වූ කල ඔහු දියත් කලේ ඉතාම තුච්ඡ වූ ප් රාහාරයකි . මේ ඒ පිලිඹදව කණගාටුදායක මතකයෙන් බිදකි . එකල අප පවුලේ අන්ති...