Posts

Showing posts from March, 2018

පාසල් බස් රථය - 2 කොටස.

පාසල් බස් රියට රියදුරු මාමලා දෙදෙනෙකු සිටියේය. වීරකෝන් මාමා සහ බණ්ඩාර මාමාය. වීරකෝන් මාමා ගමේම වාසය කල අතර බණ්ඩාර මාමා අල්ලපු ගමේය. විට කන,සැර පරුෂ, කොට කොටා යන වීරකෝන් මාමාට වඩා විනීත, නිහඩ පාගලා යන බණ්ඩාර මාමාට අපි ප්‍රිය කලෙමු. වීරකෝන් මාමා කුකුල් කේන්ති කාරයෙකි. ඇතැම් විට උදේ පාන්දරින්ම බස් එක රැගෙන යයි. එවිට අපට සිදුවන්නේ හන්දියට පයින් ගොස් වෙන බස් රියක පිහිට පතා පරක්කු වී පාසල් යන්නටය. වීරකෝන් මාමා නිතරම කාට හෝ බැන වදියි. වෙනකෙකු නැත්නම් බැට්‍රි පෙට්ටියේ වාඩි වී සිටින අපට හෝ අත පය දිගු කරමින් බන වදී. ගාට ගාට බස් රිය පදවන ඔහු නිසා බොහෝ දින වල අප පාසල් ගියේ පරක්කු වීමෙන් අන්තුරුවය. බණ්ඩාර මාමා ඉතා නිහඩ චරිතයකි. වචනයක් කතාකරන්නේ ඉතාම කලාතුරකිනි. වේගයෙන්, ඉදිරිය බලාගෙනම බසය ධාවනය කරයි. මා පාසල් ගිය වසර අටක කාලය තුල (1988-1996) මේ දෙදෙනා අතින් කිසි කලෙකත් බස් රිය අනතුරකට භාජනය වී නැත. කොන්දොස්තර වරු නිතර වෙනස් උවත්, එසේ "ආව ගිය" චරිත අතර නොමැකෙන සලකිණකි, අජිත් අයියා.ගොඩකවෙල දුශ්කර ගමක දිලිදු පව්ලක උපත ලද අජිත් අයියා ගොඩකවෙල මද්ය මහා විද්යාලයේ උසස් පෙල ජීව විද්යා අංශයෙ

පාසල් බස් රථය - 1 කොටස.

ගමේ සිට පාසල් යාමටත් ඒමටත් පාසල් බස් රථයක් තිබීම ඉතා පහසුවක් විය . උදේ 6.30 ට බසයට නගින අප 7.30 වන විට පැල්මඩුල්ලට සේන්දු වෙමු . සවස 1.45 ට ගමන් අරඹන එය නැවත සවස 2.30 ට ගමට සේන්දු වේ . දොර දෙකේ " ඉසුසු " වර්ගයේ ලංකාව් එකලස් කරන ලද බස් රථයක් වූ එය පාසල් සේවයට අමතරව දයිනිකව ගොඩකවෙල - පැල්මඩුල්ල අතර අපේ ගම හරහා ධාවනය විය . ත් ‍ රි රෝද රථ , පුද්ගලික බස් රථ නොතිබුනු කාලයේ බස් රතය නොමැති වූ විට සැතැක්මක් පයින් ගොස් ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ දුවන බස් රියක් අල්ලා ගත යුතුය . එසේ දුවන ලංගම බස් වූයේද ස්වල්පයකි . පුද්ගලික බස් රථ තිබුනත් ඒවායේ වියදම සැරය . එකල මාසික වාර ප් ‍ රවේශ පත් ‍ රයේ මුලු ගාස්තුව රුපියල් 33.60 ක් වූ අතර පුද්ගලික බස් වල එක් ගමන් වාරයක් සදහා ගාස්තුව රුපියල් හයක් විය . ස්කූල් බස් එක මාසයකට වරක් දෙවරක් අතරමග කැඩීම අනිවාර්යයෙන් සිදු වන්නකි . බහුලවම වැලදෙන රෝගය වූයේ දුණු කොල මිටිය කැඩී යාමයි . පමණට වඩා පොල් පටවා යෑම නිසා එය සිදුවූ

පෙණ රොටී

Image
කෘතිම රබර් ප්‍රචලිත වන්නට පෙර , රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ පෙදෙස් වල රබර් වගාව බොහෝ ජයටම සිදුවිය. ස්වභාවික රබර් ශීට් , රබර් රොටි වශයෙන් නිපදවන්නන් අතරත් , මිලදී ගන්නන් අතරත් ප්‍රචලිතය. දශක කිහිපයකට පෙර මගේ මව් පාර්ශවයේ සීයා එවන් රබර් වතු කිහිපයකම හිමිකාරිත්වය දැරුවේය. වැසි වැටීමෙන් තොර වියලි දවස් වල සීයාගේ නිවසට යන අප ගෘහස්ත රබර් කර්මාන්තය සිදු වන දෙස බලා සිටියේ මහත් ආසාවෙනි. දැනට ඉතා සුළු පරිමාණයෙන් ස්තාන කිහිපයක පමණක් සිදුවන ඒ ක්‍රියාවලියේ අතීත මතක පොත පෙරලීමකි මේ. රබර් කිරි නිපදවීමට රබර් ගසෙහි පොත්ත කප්පදු කල යුතුය. මේ සදහා තියුණු තලය මැදින් ඇතුලට බැස්මක් සහිත පිහියක් එකල භාවිතා විය. එය හැදින්වූයේ "කිරි පිහිය" නමිනි. වැසි වැටෙන කාලයට පොලිතින් ආවරණයක් යෙදීම දැන් කාලයේ සිදු වූවත් , එවන්නක් අතීතයේ සිදු වූයේ නැත. එබැවින් රබර් කිරි කැපීම වියලි කාලයන්ට පමණක් සීමාවිය. මෙලෙස කපන ලද කට්ටය කෙලවර ඉන්ග්‍රීසි “වී” අකුරේ හැඩයට සැකසූ කුඩා පීල්ලක් සවිකර , එයට පහලින් සුද්ධ කල පොල් කටුවක් එල්ලා තැබීමෙන් රබර් කිරි එකතු කිරීම සිදුවිය. සවස් යාමයේ රබර් ගස් කප්පාදු කල විට උදෑසන වන විට රබර්