Posts

Showing posts from December, 2022

අනූහයේ අපේ කතා, පලමු කොටස: ශ්‍රී දේවි අයි ලව් යූ

Image
පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ ගතකල සුන්දර පාසල් සමයේ මතකයන් අවදි කරන්නටය කියා මිතුරන් ඇරයුම් කලේ වරක් හෝ දෙවරක් නොවේ. ලියන්නට වාඩිගෙන සටහන් කුරුටු ගා අමතක කර දැමුවේ ද වරක් හෝ දෙවරක්ද නොවේ. එසේ වීමට විවිධාකාර කාරණා බල පෑ අතර ප්‍රධානම හේතුව වන්නේ "පාසල් සමයේ මතකයන්" ලෙස වෙන්කිරීමට නොහැකි ලෙස ඒ අත්දැකීම් අපේ යොවුන් විය සමඟ බැඳී පැටලී වෙලී තිබීමයි. ඇතැම් අත්දැකීම් පාසල් ජීවිතය හා ගැටලන්නට තරම් මුදු සුමුදු ද නැත. කෙසේ වෙතත් ඒ අත්දැකීම් සඳහා එක් වූ මිතුරන් පාසල පසුබිම් කරගෙන හෝ පාසල නිසා හමුවූවන් වීම හේතුවෙන් පාසල් සමයේ අත්දැකීම් යැයි කීමේ වරදක් නොවූවා සේම , අප සැම යෞවනෝදයේ සිටීම නිසා යොවුන් වියේ අත්දැකීම් යැයි කීමේ වරදක්ද නොමැත්තේය. එබැවින් මම අපේ යොවුන් විය පිලිඹඳව ලිවීමට ඉටා ගතිමි. අප හා අපේ සමකාලීනයන් ගෙවූ යොවුන් විය සුවිශේෂී එකක් යයි මම උදක්ම විශ්වාස කරමි. අප උපත ලබා ඇත්තේ 77 වසරේ හෝ 78 වසරේය. රට සංවෘත ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයක් කරා වෙනස් කිරීමෙන් සමාජ හාදේශපාලන විපර්‍යාසයන් රැසකට මඟ පෑදූ යුගයකය. වසර 26 ක් තිස්සේ කණගාටුදායක ලෙස ඇදී ගිය වර්ගවාදී අනවශ්‍ය යුද්ධ

ගිළිහුනු මිණි

Image
අප්‍රේල් මාසයේ එලිපත්ත වුවත් තවම පායන කාලෙ හමාර වෙලා නෑ. දහවල් එකොලහ වෙද්දි ගහකොල වටපිටාව ගෙවල් දොරවල් යාන වාහන හැම එකක්ම ගින්නෙන් කැකෑරෙනව. පාර දෙපැත්තෙ රබර් යායවල් වල කොල කහපාට වෙලා හැලිල ගිහින් දළු දාන්න තවමත් පරක්කුයි. යටිවගාවෙ මීවණ පඳුරු , ලෝකපාළු වැල් ඔක්කොම වේලිලා හේ බාලා ගොසින් දුඹුරු පාටයි. වහා ගිනි ඇවිලෙන සුළුයි. එහෙම ඇවිලිච්ච ගින්නක කළුපාට , අළුපාට මතකාවශේෂ ඇතැම් තැනක දකින්න තියෙන්නෙ කාන්තාරයක් මැද තියෙන කළු දිය පොකුණු වගේ. පාරෙ තාර , කොන් වලින් ගැලවිල ගිහින් තිබුනෙ පැතලි කරපු අළුවා බන්දේසියක අස්කොන් වැඩිමනත් එක්ක පොඩි උන්කන්න අරන් ගිය ලෙසකට.කාලෙත් එක්ක තාර දිරා ගිහින් ගැලවිලා වැස්සට හේදිලා ගිය කොලඹ රත්නපුරා පාරෙ මැද්දක් හරියට වෙන්න වලවල් මුකුත්නැති පාර ඉතිරි වෙලා තිබුණා. ඒ මැද්දෙම ටයර් වලින් එක්කාසු කල හීන්වැලි වැටියක්. පාරෙ වාහන ගියේ කලාතුරකින්. ඒ ගියෙත් වැඩිමනත් අවුවට රතු වුනාක් වගේ රතු පාට මූණු ඇති රිදී බඳැති ලංගම බස් සහ බඩු පටෝපු ඔස්ටින් , ලේලන්ඩ් ලොරි. ඉඳල හිටල මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එකක් , ඔස්ටින්කේම්බ්‍රිජ් කුලී කාර් එකක් ගියේ රත්නපුර මහ රෝහලට ලෙඩෙක් ගිනියන්නවගේ ඉතාම