Posts

Showing posts from March, 2024

කහටමරං

Image
  ඒ කාලෙ සබරගොමුවෙ ගොයං කයියකට අත්තම් වැඩට ගියාම, ගෙපොලක් කපල පොලවෙ ලණු අදින නැකතට, පැල් කොටේක පොල් අතු කඩල අලුතෙන් අතු හෙවෙණි කොරන වැඩක් වගේ සුබ කටයුත්තකට එකතු පහදු උනාම කිරිබත් එක්ක කැවිලි ජාති වරදින්නෙම නෑ. සබරගමුවෙ විතරක්ම නෙමෙයි, රටේ ගොඩක් පලාත්වල එහෙමයි. සුදු හාල්, රතු හාල් දෙජාතියෙ කිරිබත්, ලුණු මිරිස්,ළූණු බැදුං ඇඹුල් තියල් එක්ක වටාපතක් වගේ ඇංබුං ඇවරියක්, කිතුල් පැණි බේරෙන වැලිතලොප, ආස්මී, මුං කැවුං සංග් ‍ රහ කරන්නෙ වට්ටි වලට තියල. ඒ සුබ වැඩේට සංග් ‍ රහ කරන්න තේ කහටත් නැතුවම බෑ. තේ කහට හදලම ලිප්පල්ලෙ කලු ගැහුණු ඇල්මේනියං කේතලේක වතුර උණු කරල, තේ කොල අහුරක් දාල කකාරවල වගේම, පොඩි ඇල්මේනියං ජෝගුවකට තේ මඩියකින් උණු වතුර වක්කල්ලත් තේ කහට හදාගන්න පුලුවන්. තේ කහට බොන්න කැවිලි මනාප නැති ඈයන්ට කිතුල් හකුරු කෑල්ලක් උරච්චි කොර කොර, එහෙමත් නැත්තං වැලි හකුරු කැටයක් හප හපා ආසන පනවල නැත්තං බිම ඇණ බාගෙන කහට බොන්න පුළුවන්. බුලත් වට්ටිය අල්ලන්නෙ තේ කහට බීවට පස්සෙ. තේ නොබී කෙලිම්ම බුලත් විටට යන ඈයො තේ කහට බොන සිරිතක් නෑ. විටහපේ අහක දාල, කටහෝදල පැණි රහ කෑවට දිවට රහ දැනෙනව හොරයි. මහ වැඩවලට විතරක් නෙ