Posts

Showing posts from August, 2021

පුංචි කෝච්චි පාර

Image
කිරිබත්ගල කදු ඉස්මත්තෙන් ඉර සැඟවී යාමට ඇත්තේ හෝරාවකට නොඅඩු කාලයකි. වටාපත කෝච්චි ස්ටේසම ලඟ මහ සෙනඟක් රැස්ව සිටිති. ස්ටේසමෙන් කිරිබත්ගලට යන පාරේ නුදුරේම පිහිටි නිවසක සිටි දයාවතී ඉස්කොලෙ හාමිනේ චීත්ත නෙරියේ අත පිස දම දමා එළිපත්තට ආවාය. නිවිතිගල සිට පැමිණෙන අන්තිම බස් රථයේ ඇගේ සැමියා වන පියරත්න ඉස්කෝලෙ මහත්මයා පැමිණීමට නියමිතය. හන්දියේ සිටින සෙනඟ සිටින්නේද ඔහු ඇතුළු පිරිවර එන තුරාය. වටාපත කඳු ගැටය නැඟ , අද්ද අද්දා පැමිණි මොරිස් ලොරි බසයක් ස්ටේසමේ රේල් පාර පැන නතර විය. ගම්මු ඒවාට කියන්නේ පාන් බාග බස් කියාය. ඉස්කෝලෙ මහත්තයා ස්වාමීන් වහන්සේ නමක් පෙරදැරි කරගෙන බසයෙන් බැස්සේය.  උන්වහන්සේ , වටාපත ශ්‍රී දේවානන්ද පිරිවෙනේ විහාරාධිපති තැන්පත් මානාදොළ ඉන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේය. මග බලා සිටි පිරිවර එකත්පස්ව ස්වාමීන් වහ්න්සේට වැඳ ආචාර කලහ. ඉන් අනතුරුව ඉස්කෝලෙ මහත්මයාට පසු පසින් මහ නඩයක්ද බසයෙන් බැස්සෝය. සෙනඟ , ඉස්කොලෙ මහත්මයාත් සෙසු අයත් වටකරගෙන තොරතුරු විමසනු පෙනිණි. මදකට පසුව නැගී ආවේ ජය ඝෝෂාවකි. "අපේ හාන්දුරුවන් වහන්සේට ජය වේවා! , පියරත්න ඉස්කොලෙ මහත්තයාට ජයවේවා!" ස්ටේසම් ගබඩාවේ වේදිකා

මතක මාවත ඔස්සේ 03: බිබිලේගම

Image
ඇහැලියගොඩින් පසු , අප සංක්‍රමණය වූයේ බිබිලේගමටය. බිබිලේගම , අපේ තාත්තාගේ ගමට තරමක් නුදුරින් පිහිටියේය. ඇහැළියගොඩදී ලද සියළුම නාගරික පහසුකම් හැරදමා , බිබිලේගමට ඒම ලෙහෙසියෙන් ගත් තීරණයක් නොවෙන්නට ඇත. බිබිලේගම පිහිටියේ ගොඩකවෙල පොලීසියට ඉදිරියෙන් හැරී යන පාරේ කිලෝ මීටර් හතරක් දුර ගිය තැනය. අප එහි පදිංචියට ගිය 1981 වසරේ , එය දුශ්කර මාවතකි. ගමනාගමන මණ්ඩලයේ බස් ධාවනය වූයේ හෝ තාර අතුරා තිබුණේ නැත. ඉඳහිට යන එන ලොරි බාගයක මඳ දුරක් ගොස් පයින් යා යුතුය. මාර්ගය තරමක් හෙල් සහිත වුවත් ගමන දුෂ්කරය. බිබිලේගම පාර , බිබිලේගම මහා විද්‍යාලය පසු කර පාලම්කෝට්ටේ හරහා රක්වාන බුලුතොට දක්වා දිවේ. බිබිලේගමින් ඔබ්බට මා විස්තර කල මාර්ග කොටස අදටත් දුශ්කරය. බිබිලේගමට සමීපම නගරය වන ගොඩකවෙල පවා ඒ වන විට තිබුණේ ඉතාමත් නොදියුණු මට්ටමකය. සති පොලක් , ප්‍රාදේශීය රෝහලක් , රජයේ බැංකු දෙකක් , පාසල් දෙකක් සහ කඩමණ්ඩි දෙකකින් සමන්විත එය මැදින් දිවුණු රත්නපුර - ඇඹිලිපිටිය මහ පාර එකල තනිකරම මඩ ගොහොරුවකි. අම්මාත් , තාත්තාත් ඉල්ලුම් කර ලබා ගත් ගුරු නිවාසයක් පිහිටි පාසලක් වූ බිබිලේගම මහා විද්‍යාලය සුන්දර පාසලකි. එය පිහිටියේ කුඩා