Posts

Showing posts from September, 2022

උපාසක බැලළි

Image
මැදින් පොහොය සඳ , අහසේ බස්නාහිරට වන්නට පායා ඇත. සඳ වටා චන්ද්‍ර ප්‍රභා මණ්ඩලයක් දිස් විය. පංසලේ ගාන්ඨාර හඬ , පිරිත් සජ්ජායානා හඬ හා මුසුව ඇසේ. මල් වැස්සක් මෙන් පොද වැටීමෙන් පසු පරිසරය සෝදා හැරියාක් මෙන් නැවුම්ය. විහාරස්ථානයේ පැවති උපහාර උත්සවයෙන් පසු , සේමරත්න මැණිකේ නිවසට පැමිණියේ ත්‍රීවීලරයකිනි. පන්සලේ සිට ඇගේ නිවස දක්වා වූ හැතැප්මක පමණ දුර ඇය කැඳවාගෙන ඒමට ලැබීම , ත්‍රී වීල් රියදුරු තරුණයා සැලකූයේ ගෞරවයක් ලෙසය. ඔහු , සේමරත්න මැණිකේ ත්‍රීවීලරයෙන් බසින තුරු පසෙකින් එකත්පස්ව සිටියේය. ඉන් අනතුරුව , උපහාර උලෙලේදී ප්‍රධානය කල ත්‍යාග , සම්මාන ආදිය රැගෙන පසු ගමන් කලේය. සේමරත්න මැණිකේ , අත්බෑගයෙන් යතුරු කැරැල්ලක් ගෙන දොර හැරියාය. ත්‍රීවීල් රියදුරා , අඩුම කුඩුම නිවසේ පුටුවක් මත තබා , මැණිකේට දණ නමස්කාර කලේ , නික්ම යන්නට අවසර පතාය. " බුදු සරණයි පුතේ. පරිස්සමින් ගොහින් එන්ට. පුතාට ගොඩාක් පින්" කොහේදෝ කරක් ගසා පැමිණි කිටියා ' ඤැක් ඤැක් ' ගාමින් මැණිකේගේ දෙපා අසල දැවටෙන්නට විය. ඇගේ තනි නොතනියට සිටි බැලළිය වූ කිටියා , මැණිකේ නිවසේ නොසිටි සොවින්ද , කුසගින්නෙන්ද පෙලෙමින් සිටි