Posts

තාත්තට ලියුමක්

Image
හිටියානම් අදට අවුරුදුම අසූවක් තාත්තේ උඹට මහ වැහි වහින ඔක්‍තෝබරයක හවස තවමත් අරන් එනවා උබ ගැන මතක ගුණ සුවද කාලය පැනගොහිං පුදුම විජ විජහට අපි ඔක්කොමල්ලා තලතුනා වයසෙ දොරකඩ තාත්තගෙ ඔඩොක්කේ දැවටිච්ච අපේ පොඩ්ඩිට දැන් ඉන්නවා ඉස්කෝලෙ යන කොලු පැටව් දෙන්නෙක්ම මහ ගෙදර ඉඩමත් අපි මේ ලඟදි වික්කා අම්මටත් වයසයි, ඈ ඒක පුලුවන්තරම් කල් රැක්කා ඒ ඉඩමෙ පොලව යට උඹ වලදාපු සොහොන් කොත අපි ආය නේන නිසා, පොලවටම සමතලා කරදැම්මා  මල්ලිත් ගිහින් ඒරොප්පෙ දරු පවුල අරගෙන මට තාම මතකයි ඌ බයයි රෑට කලුවරට නොනිදන නුවරක, විදුලි එලි මහ ගොඩක් අතරක උටත් දැන්නව ඇති තාත්ත නැති පාලුව ලොකු නංගි යන්නෙ තාත්ත ගිය අඩි පාරෙ බලන්ඩෙපෑ උජාරුව සීවලියෙ උප විදුහල්පතිතුමී ඈ අකුරක් දෙයක් කියවන පුංචි පැටියෙක් ගානේ පරපුරේ ගුරු උරුමය තවම ගලනවා කලු හං කොමාලිය වාගේ මම ඉන්නෙ කොලඹ මහල් නිවසක තනියම මමත් ලියනව, උගන්වනව මට පුලුවන් හැටියට නංගිල ගැනත් බලනව උඹට පොරොන්දු වෙච්ච ලෙසටම ගමේ මතක තවමත් මහ මෙරක් මගේ මේ පපුව මැද්දට තාත්ත නති දරුවන්ගෙ ජීවිතේ කොහොමත් බරයි උඹ දැන් ඉද හිටලවත් හීනෙන් පේනවත් හොරයි අපේ මතකයෙන් සදහටම යන්නට තනනවදැයි සැකයි පුලුවන්නම් අද රෑට ...

ගොඩකවෙල පොල

Image
  නගරයක් සේ අපට මුලින්ම සමීප වූයේ ගොඩකවෙලයි. ' ගොඩ කල වෙල ' යන්නෙන් බිඳී ආවක් ලෙස සැලකෙන මේ නුවර , මගේ මතකයේ ආකාරයට අසූව දශකයේදී කඩ මණ්ඩියකට වඩා විසල් නොවීය. බිබිලේගම සිටියදී ලොකු නංගි ජන්ම ලාභය ලැබූ ගොඩකවෙල දිසා රෝහලත් , ගොඩකවෙල ලංගම ඩිපෝවත් අතර කොටස ගොඩකවෙල නගරය ලෙස සැලකේ. නමේ ලෙසටම එකල එහි පාර තනි මඩ ගොහොරුවකි. ඇඹිලිපිටිය ඩිපෝවේ උප ඩිපෝවක් වූ ගොඩකවෙල ඩිපෝව ඉදිරිපස මදක් වමට වන්නට කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය පිහිටියේය. මගේ මව දිගු කාලයක් වාණිජ්‍යය විෂය ඉගැන්වූයේ එහිය. අනිත් කෙලවරට මදක් කලින් , වම් පස ගොඩකවෙල පොල පිහිටා ඇත. ඒ පොලට ඉදිරිපස දකුණට වන්නට ඇති දොඹකොල ඔය බයිසිකලයකට පමණක් යා හැකි කුඩා පාලමකින් තරණය කල විට රාහුල මහා විද්‍යාලය මුණ ගැසේ. මගේ පියා කෙටි කාලයක් එහි විදුහල්පති වශයෙන් සේවය කලේය.    ගොඩකවෙල , මගේ බොහෝ අත්දැකීම් පලමුව ලැබූ නගරයයි. මා මුලින්ම ටියුෂන් පංතියකට ගියේ එහිය. මුල්වරට මලගෙදරක ගියේ නගරයට සමබන්ධ කාරණාවකටය. මතක ඇති කාලයේ පලමු චායාරූපය ගත්තේත් , කලිසමක් මැසුවේත් , අසනීපයකට බේත් ගන්න ගියේත් ගොඩකවෙලටය. බයිසිකලයක් නිවසේ තිබූ කාලයේ එහි අමතර කොටස් සහ සුකු...

අනූ හයේ අපේ කතා, අටවන කොටස: වසන්ති මිස්

Image
ගන්කන්ද මැදි විදුහලෙහි හයවන වසරට ඇතුලු වීමට පෙර, මා උගත්තේ ගමේ පාසල වන හිරමඩගම මෛත් ‍ රිය මහා විද් ‍ යාලයෙනි. පන්තියේ පලමුවැනියා හෝ දෙවෙනියා වෙමින් පාසලේ 'බ් ‍ රයිට් කේස්' එකක් වූ මම ගන්කන්දට ඇතුළු වන්නේ එකල පැවති ඇතුලත්වීමේ විභාගයෙන් නව වෙනියා වෙමිනි. ඒ වෙත්දී පහේ ශිෂ් ‍ යත්වයක් නොවීය, තිබුණේ හයේ ශිෂ් ‍ යත්වයයි. ගන්කන්දයට අපේ පාසලින් එවර ඇතුල් වූයේ මම පමණි. කිහිප දෙනෙකු ඇතුලත්වීමේ විභාගයට පෙනී සිටියද, කිසිවෙකුත් සමත්ව සිටියේ නැත. ගන්කන්දයට ගිය පලමුවන දිනම පාළුව මා වෙලාගත්තේය. සමීප මිතුරන් කිසිවෙක් හෝ නොමැතිව,නන්නාදුනන මිනිසුන් පිරි බස් රියක තට්ට තනියම කිලෝමීටර් දහසයක් මඟ ගෙවා පාසල් යාමද ලේසි පාසු නොවීය. පාසලට ගිය පලමු දින, පැල්මඩුල්ල නගරයෙන් බැසගත් විට පාසල ඇත්තේ වම් පසද, දකුණු පසද යන්න සිතාගත නොහැකි විය. මම පාසල් ලමුන් පසුපස ගියෙමි. ඇතුලත්වීමේ විභාගයට සහ පාසලට බාර දීමට ආ දෙදවසේ මතකය ඔස්සේ ජාමේ බේරගතිමි. අපේ තාත්තා පිහිනීමට උගන්වන්නේ වතුරට තල්ලුකර,ජබු ගසා ගොඩ එන්නට සැලැස්වීමෙන් මිසක ක් ‍ රමාණුකූල පිහිණුම් පාඨමාලාවක් ඔස්සේ නොවේ! ගන්කන්දයේ මුල් වාර විභාගයෙන් මට ලැබුනේ 18 වන ස්ථ...

අනූ හයේ අපේ කතා, හත්වන කොටස : සුබේ

Image
  ඇඹිලිපිටිය රත්නපුර මහා මාර්ගයේ, කහවත්ත, පනාවැන්න, ගොඩගම අනුපිලිවෙලින් පසු කරද්දී, වම්පසින් කිරිබත්ගල කඳුවැටිය, කිරිබත්කැටයක හැඩයෙන්, නීල-කොල පැහැයෙන් පෙනෙන්නට පටන් ගනී. ඒ දැක්ම, ගොඩගම 'ගම' පසුකර, බටලන්ද කන්ද මුදුනට එද්දී වම් පස පස්කණ්ඩියක වැසී අතුරුදන් වෙයි. එතැන සිට පැල්මඩුල්ල නගරය දක්වාම ඇත්තේ සීඝ් ‍ ර බෑවුම් සහිත වංගු පෙලකි. මේ දෙනවක් ගං නිම්නයේ, පැල්මඩුල්ලේ අපේ රාජ් ‍ යයේ කඩදොරයි. එහි මුවවිටදීම දකුණු පස අහසේ ඉහල ඈතින්, කුට්ටාපිටිය කන්ද පෙනෙන්නට පටන්ගනී. කුට්ටාපිටිය කන්ද, පෙනුමෙන් නම් කිරිබත්ගලට වඩා මිටිය, ඒත් ඇත්තටම සුළු වශයෙන් උසය. දෙනවක් ගං නිම්නයේ, ගංගාව පෙනෙන නොපෙනෙන මානයක රැඳෙන සොඳුරු ගන්කන්ද විදු පියසේදී සමාජ අධ් ‍ යයනය පාඩමට අප උගත්තේ එහෙමය. ඒ දැනට වසර තිස් එකකට පෙරය. මම බටලන්ද කන්ද මුදුනේ සිට පැල්මඩුල්ල දෙසට ‍ රිය පදවමින් පල්ලම බසිමි. කුට්ටාපිටිය කන්දේ කිරිඳි ඇල්ල පෙනී නොපෙනී යයි. ආදරණීය ගන්කන්ද විදු මාතාව ඇත්තේ කිරිඳි ඇල්ලට ඉදිරියෙන් වූ කඳු මුවාවකය. පාසලට කිරිඳි ඇල්ල නොපෙනේ. කිරිඳි ඇල්ල අසලටද පාසල නොපෙනේ. අප පාසල් යන සමයේ, ඇතැම් තද වැසි සමයක, කිරිඳි ඇල්ලේ හෝ හෝ හ...