Posts

Showing posts from February, 2022

වකුගඩු රෝගියාගේ බිරිඳ

Image
ඉර අවරට හැරී හෝරා දෙක තුනකි ගෙවී ඇත්තේ. ජයවර්ධනපුර මහ රෝහලේ සිට , ඇඹුල්දෙණිය හන්දිය දක්වා දිවෙන මාවතට යාන්තමින් හෝ ඉසිඹුවක් ලැබෙන්නේ මේ වේලාවට පමණි. උදෑසන හිමිදිරියේ සිට සවස දෙක පමණ වන තුරු , රෝගීන් මුණගැසීමට සහ සායන වලට එන්නන් පාර පුරා සිටිති. සැන්දෑවේ හතරහමාරේ සිට රාත්‍රී හත දක්වා පමණද තත්වය එසේමය. මාර්තු මාසයේ අවසාන සතියේ ගිණියම් ඉර බෝලයේ උණුහුමට , පාරේ තාර උණුවී සිහින් වාශ්පයක් ඉහලට නඟයි. මාවත දෙපස ඇති බැරල්බාග කුණු බාල්දි අවුස්සා කන කාක්කන්ද ගෝෂාව නැඟූයේ තරමක් අඩුවෙනි. රෝහල් ගේට්ටුවේ මුරට සිටි සිකියුරිටි තැන පුටුවේ අල්ප දයනන්නක් සේ වකුටු වී ගොරොද්දේ අදියි. ඔහුගේ එක් අතක් පපුව හරහා පොරවාගෙන ඇති අතර , අනෙක් අත පහලට වැටී නිදහසේ එල්ලෙන්නේ බිම ගෑවී නොගෑවී ය. මාවතේ දකුණු පසෙහි ඇති ෆාමසි පෙලෙහි කැෂියර් යුවතියෝ එක් තැනකට එක්ව , කිචි බිචි ගාමින් සිය දවල් කෑම පාර්සල් දිගහැරගෙන කති. වම්පස ඇති බත් සහ කෑම කඩ පෙලද සන්සුන්ය. මේ වේලාවට කෑමට යමෙක් එන්නේ කලාතුරකිනි. බත් ඉතිරිව ඇත්තේද කඩ කිහිපයකය. කෑම වේලාවට රොද බැඳගෙන කැරකෙන මැස්සෝද පිරිසිදුකල මේස වල වාඩි වී ගිමන් හරිති. අරක්කැමියෝ සහ වේටර කොලුවෝ ර

ලෙමන් ජින්

Image
හැන්දෑවෙ රතු පාට ඉර බෝලය උස් පොල් ගස් අගිස්සේ ගෑවී නොගෑවී ගිලෙන්නට පටන් ගත්ත එක් හැන්දෑවක , සිල්ලාත් මමත් වෙල් යායක ඉන්නියරක් දිගේ දැනටමත් අඳුර කුට්ටිගැහෙන වෙල් ඉස්මත්ත දිහාවට ඇවිදිමින් සිටියා. රාස්සිගෙ අවුව , බස්නාහිර ඉඳන් නැගෙනහිර දිශාවට අපේ හෙවනැලි දිගෑදුවේ පෙක්කෝලියා සිහි කරමින්. අළුතෙන් පීදෙන පැල ගොයමට වක්කඩ බැඳපු වෙලේ ලියදි , අවුවට රත්වෙලා කැකෑරෙච්ච දියමලං උඩ පාවෙද්දි , අවට වාතය මඩ ගඳින් ආකූල වුනා. සවස් වරුවේ පණුවො ඇහිඳින්නම වෙලට බැහැපු දෙමලිච්චො රංචුවක් තරමක් දුරින් ඇති වෙල් කමතක නඟන ගෝෂාව හැන්දෑවේ ගුප්ත නිහඬතාවය ඉරා දැම්මා. සිල්ලා , මට පෙරමඟ ගමන් කලේ වැරණිය කෝටුවකින් වට පිටාවේ ලන්ද තලව් කරමින්. සෙරෙන්ඩියෙන් තණකොල කපනව වගේ දෙපැත්තේ ලන්දට පහරදීම , සිල්ලා ගමනක් බිමනක් යනවිට කරනම දෙයක්. කෝටු පාරට තැලී පොඩි   වන ඇඹුල් ඇඹිලිය , මදුරුතලා පඳුරු , මඩ ගඳට පැඟිරි සුවඳකුත් එක්කාසු කලා. දිග කලිසමක් මැද්දෙන් කපා සාදාගත් කොට කලිසමකින් සහ පාට ගිය අත් කොට කර කැපූ ටීශර්ටයකින් සැරසී සිටි සිල්ලා , බුබුළු බාටා යුගලයක් දෙපයේ ලාගෙන පාද තබන අමුතු ලීලාව නිසා ඉහල පහල යන තට්ටම් මගේ මුවට මඳ සිනාවක් නැ