Posts

Showing posts from May, 2024

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ

Image
 88 වසරේ අප පාසලට ඇතුල් වන විට , නාගරික කිහිප දෙනා හැර අන් සියල්ලෝම දුරබැහැරින් පැමිණිය අය වූහ. පස් වන වසර විභාගය එකල පැවතියේ සයවන වසරේ නිසා , පාසලට සිසුන් ඇතුලත් කරගන්නේ ඇතුලත්වීමේ විභාගයකිනි. මම ඉන් නව වැනියා වී ගන්කන්දයට තේරී , ඊට පසු වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වීමි. ගානක්වත් නැත. ඉන්පසු එක විභාගයක් හෝ අසමත් නොවන්නට බරට සිතට ගත්තෙමි. එකල මා උගත් හිරමඩගම මෛත්‍රිය මහා විද්‍යාලයේ සිට සය වසරට ගන්කන්දයට ඇතුලත් වූ එකම සිසුවා මමයි. ගන්කන්දයට සිසුන් එන මාවත් ප්‍රධාන වශයෙන් තුනකි. බලංගොඩ සිට පැල්මඩුල්ල , රත්නපුර සිට පැල්මඩුල්ල , මාදම්පේ දෙස සිට පැල්මඩුල්ල ඒ මාවත් තුනයි. රත්නපුර පාරේ මැදක් හරියේ , එනම් ලෙල්ලෝපිටියේ සිට ලමුන් පිරිසක් රත්නපුර දෙසට යති. ඕපනායක පමණ සිට බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලයට යන ලමුන්ද සිටිත්. ඒ අතින් ගන්කන්දයට වැඩිම සිසුන් පිරිසක් එන්නේ කහවත්ත දෙස සිටය. ඒ පාර මාදම්පේ හන්දියෙන් බෙදී එක අත්තක් රක්වානටත් , අනිත් අත්ත ගොඩකවෙල හරහා ඇඹිලිපිටිය දෙසටත් විහිදී යයි. ගන්කන්දේ වපසරිය මේ පරිදිය. ලෙල්ලෝපිටියේ සිට පැල්මඩුල්ලට මාර්ගස්ථ දුර කිලෝමීටර 8 කි. බලංගොඩ සිට 30 කි. රක්වානේ ස

අනූහයේ අපේ කතා, පස් වන කොටස: ටියුෂන් පන්ති

Image
  96 වසර වෙත්දී ටියුෂන් පන්ති අද මෙන් අක් මුල් විහිදී තිබුණේ නැත. දැන් මෙන් එක වසරේ සිට දහතුන වසර දක්වා වෙලාවක් අවේලාවක් නොමැතිව තරඟයකට පන්ති යෑමක් ද තිබුනේ නැත. හන්දියක් හන්දියක් වංගුවක් වංගුවක් පාසා ටියුෂන් ගුරුවරුන්ගේ ආකර්ෂනීය ඩිජිටල් බිල්බෝඩ් තිබුණේද නැත. (අතුරු කතාවක්: ටියුෂන් ගුරුවරුන් කට් කපා, මේකප් උලා, හෙන දාර්ශනික බැල්මෙන් බිල්බෝඩ් වල පෙනී සිටින්නේ මන්දැයි මම කාගෙන්ද ඇසුවෙමි. ලස්සන ගුරුවරුන්ගේ ක්ලාස් වලට ලස්සන කෙල්ලන් වහ වැටෙන බවත්, ඒ එක කෙල්ලක පස්සේ කොල්ලන් පස් දෙනෙකු ආවත් ගුරා ගොඩ බවත් ඔහු හෝ ඇය කීවා මට මතකය) හයේ ශිෂ් ‍ යත්වයටත්, සාමාන් ‍ ය පෙලටත්, උසස් පෙලටත් මෙලෙස ටියුශන් පන්ති පැවැත්විනි. ශිෂ් ‍ යත්ව සහ සාමාන් ‍ යපෙල ටියුෂන් බොහෝ විට ප් ‍ රාදේශීය මට්ටමින් පැවැත්වුනේ කුඩා ශාලාවල හෝ නිවෙස්වලය. මෙම පංති සෑම කුඩා නගරයක් පාසාම පැවති අතර ඇඹිලිපිටියේ සිට රත්නපුර දක්වා සැලකුවහොත් උඩවලව, සංඛපාල, පල්ලෙබැද්ද,ගොඩකවෙල,කහවත්ත, පැල්මඩුල්ල, ගනේගම, ලෙල්ලෝපිටිය ආදී පෙදෙස්වල කුඩා පරිමාණයෙන්, ඉතා අප් ‍ රකටව රහසිගතව මෙන් මෙම පංති පැවැත්වුනේ පන්සලක ධර්මශාලාවක හෝ ඇති හැකි නිවසක අතිරේක කාමරයක්