Posts

Showing posts from June, 2021

ඇෆ්ගන් කතා 14: බුද්දා, කලාස්!

Image
  ඇෆ්ගනිස්තානයේ සේවයට යෑමට පෙර , අනෙකුත් බහුතර ශ්‍රී ලාංකිකයන් මෙන් එරට පිලිඹඳව නොපහන් හැඟීම් සමුදායක් විය. ඇතැම් අරාබි රටවල මෙන් බුදු පිලිමයක් ලඟ තබා ගැනීම සිර දඬුවම් විඳින තත්ත්වයක් වේ දැයි මා නොදැන හෝ , කුකුසකින් යුක්තව සිටියෙමි. නමුත් , ඇෆ්ගනිස්තානයට ගොඩ බැස මුල් සතියේම එවැනි තත්ත්වයක් නැතැයි මම දැන ගතිමි. එබැවින් , ඊලඟ වර ලංකාවට පැමිණ ආපසු යන විට , කුඩා පෝසිලේන් බුදු පිලිමයක් , පිත්තල පහනක් , පහන් තිර , පැන් බඳුනක් , හඳුන් කූරු සහ හඳුන් කූරු බඳුනක් රැගෙන ගියෙමි. කාබුල්හි සීත කාලයට මල් නොමැති නිසා , රෙදි මල් පොකුරක්ද මා විසින් මිලදී ගත් දෑ අතර විය. (දුර බැහැර අවදානම් සහිත රටක වෙසෙන විට දෙවියන් බුදුන් සිහි වීම ස්වාභාවිකය ! ) බුදු පිලිමය තැබීමට කදිම , ලාච්චු තුනකින් යුත් කුඩා රාක්කයක් මා සතු විය. එහි මුදුනත , අඩි දෙකක දිගකින් හා පලලකින් යුතු මතුපිටකි. ඇෆ්ගන් පිරිමි වරුන් සාම්ප්‍රදායිකව උරහිසේ දමාගෙන යන දුඹුරු පැහැති රෙදි කඩක් , කාර්යාලයේ ඉස්ලාම් උගතුන්ගේ අනුදැනුමද මත ඒ මත එලා , බුදු පිලිමයත් අනෙකුත් ආම්පන්නත් තැබීමෙන් කදිම බුදු කුටියක් නිර්මාණය කර ගැනීමට මට හැකි විය. මේ බුදු කුටිය

ඇෆ්ගන් කතා 13: උඩුගුවනේ ජරමරේ

Image
ශ්‍රී ලංකාවේ සිට ඇෆ්ගනිස්තානයට යෑමට ගුවන් මාර්ග දෙකක් ඇත. පලමුවැන්න , කොලඹ , ඩුබායි හරහා ඇෆ්ගනිස්තානයයි. දෙවැන්න , කොලඹ නව දිල්ලිය හරහා ඇෆ්ගනිස්තානයයි. ඉන්දියාව හරහා ගුවන් ගමන විශ්වාසදායී නැත. ගුවන් ගමනට මඟීන් නොමැතිවීම වැනි කාරණා මත , දිල්ලි , කාබුල් ගමන ඇතැම් විට අවලංගු කෙරේ. එම නිසා , අපේ තේරීම වූයේ ඩුබායි හරහා ගමනයි. ඩුබායි හරහා කාබුල් යාමට සේවා සපයන ගුවන් සමාගම් දෙකකි. පලමුවැන්න එමිරේට්ස් (Emirates)  ගුවන් සේවයයි. දෙවැන්න ෆ්ලයි ඩුබායි (Fly Dubai) ගුවන් සේවයයි. ෆ්ලයි ඩුබායි ගුවන් සේවය , ' සකසුරුවම් ' ගුවන් සමාගමකි (Budget Air Line) . මේ දෙක අතරින්ද , වැඩි කාලයක් සහ ඩුබායිහි වැඩි වේලාවක් ගතවන ගුවන් ගමන එමිරේට්ස් මඟින් පියා සැරීමයි. එබැවින් , අඩු කාලයකින් යා හැකි ෆල්යි ඩුබායි , අප බොහෝ විට තෝරා ගත්තෙමු. (කොලඹ සිට ඩුබායි ගුවන් කාලය පැය හතර හමාරකි , ඩුබායි සිට කාබුල් දක්වා පැය තුනකි. ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් තොටේ නැවතී සිටින කාලය (waiting time) පැය තුනක් වන අතර , එමිරේට්ස් ගුවන් සේවයේ එම කාලය පැය අටකි. ෆ්ලයි ඩුබායි දිනපතා ගුවන් සේවා තුනක් කාබුල් වෙත පවත්වන අතර , එම

ඇෆ්ගන් කතා 12: බිළාල කමිටුව

Image
  කුඩා කල සිටම , මම බිලාල පුද්ගලයෙකි (Cat person) . ඒ කලම , සුනඛයෙකු විසින් පස්සා පැත්ත සපා කෑම නිසා ඇතිවූ කල් පවතින භීතියක් නිසා , ඔවුන් හා ඇසුර අතේ දුරට සීමා කලේය. යන යන තැන මා සමඟ මිතුරන් වීමට විවරණ දී සිටි පුද්ගලයන් දෙකොට්ඨාශයකි , පලමු වැන්නෝ බිලාලයන්ය. දෙවැන්නෝ මම ඔබට නොකියමි! ඇෆ්ගනිස්තානයේ යුනෝකාවේදී පවා එයම සිදු විය. යුනෝකාවේ දෙයාකාරයක බිලාලයෝ සිටියහ. පලමු වැනි පිරිස කැලෑ බලලුන් වැනි කණ්ඩායමකි. ඔවුන් , කුණු බක්කි වැනි කෑම බහුල ස්ථාන වල ලැග සිටින , අපිරිසිදු ජීවීන් කාන්ඩයකි. සිනා පොදක් , කතා බහක් නැත. ලඟට ගොස් ' සේ සේ ' කීවත් ' ෆූස් ' ගා පිඹියි. කන්සා වල , වල්ගයේ හෝ ශරීරයේ තුවාල ඇත , කන් කොට , වල්ගා කොට අයද සිටිති. තමන්ට අයත් වූ සීමා මුර කරන මොවුන් , ඇතැම් විට කුඩා බලල් කල්ලි ලෙසද වෙසෙති.   දෙවැනි කොටස ගෘහාශ්‍රිත බලලුන්ය. ඔවුන් පිරිසිදුය. ' ඤාව් ' ගාමින් දෙපයේ දැවටේ. ' ඤැක් ඤැක් ' ගාමින් පසු පස එයි. කෑමට යමක් දෙන තුරු පියකරු බැල්මෙන් බලා සිටී. දෙවර්ගයම පෙනුමෙන් ඉතා ප්‍රියමනාපය. පර්සියානු සම්භවයත් , ඇෆ්ගනිස්තානය පැහැදිලි සෘතු භේදයක් ඇති රටක

ඇෆ්ගන් කතා 11:කාර්යාල ජීවිතේ

Image
  ඇෆ්ගනිස්තානයේ සේවා ජීවිතය කිහිප ආකාරයකින් මට අතිශයින්ම වැදගත්ය. පලමුවැන්න නම් , විදේශ රටක වසර හතරක් සේවය කල මුල් අවස්තාව වීමය. ඊට පෙර , වෙනත් රටවල් කිහිපයක සති කිහිපයකට සීමා වී සේවය කර ඇතත් , පූර්ණ හා දිගු කාලීනව සේවය කර නැත්තෙමි. දෙවනුව , ඉස්ලාම් ධර්මය අදහන රටක සේවය කල මුල් අවස්තාව වීමයි. ආගමානුකූලව හර පද්ධතීන්ද සකස් වන නිසා , එය වෙනත්ම අත්දැකීමකි. ශ්‍රී ලංකාවේ පවතින්නේ ස්ත්‍රීභාවී සමාජ ක්‍රමයක් (Feminine Social pattern) වන අතර ඇෆ්ගනිස්තානයේ පවතින්නේ පුරුෂභාවී සමාජ ක්‍රමයකි (Masculine social pattern) . ස්ත්‍රීභාවී සමාජ ක්‍රමයක ස්ත්‍රීන් හා පුරුෂයන් සිදු කරන කාර්යයන් පිලිඹද පැහැදිලි බෙදීමක් නොමැති අතර , පුරුෂභාවී සමාජයක ස්ත්‍රීන් බොහෝ විට රැකබලා ගැනීම සහ ජීවන තත්වය උසස් කිරීමේ කාර්යයන්හි යෙදී සිටිති. ඊට අමතරව , පුරුෂභාවී සමාජයක , අනුන්ගේ කටයුතු කෙරෙහි ස්වයං මැදිහත් වීම අඩුය. ඇෆ්ගනිතානයේ මගේ කණ්ඩායම ඉතාමත් හොඳ එකක් විය. මා එහි යනවිට දෙශීය ඉන්ජිනේරුවන් දෙදෙනෙක් සහ විදේශීය ඉන්ජිනේරුවෙක් , සේවයේ යෙදී සිටියේය. විදේශීය ඉන්ජිනේරුවා , නේපාල ජාතික භක්තා ගුරුංය. භක්තා , ඊට පෙර එක්සත් ජාතී