Posts

Showing posts from February, 2024

තාර පොකුණේ සඳවත

Image
ජීවිතේ ගිනි කන්ද පාමුල අඳුර රජයන රෑ මැදියමේ තෙරක් නොපෙනෙන විලක් අසබඩ රළු බොරළු මත ඇණ තබාගෙන මම පොකුණ දෙස බලා සිටිමි එහි ඇත්තේ දිය නොව ගොජ දමන උතුරන  කලු පැහැති උණු තාර අහසේ එකදු තරු එලියක් හෝ නැත රෑ කුරුල්ලෙකු හෝ තටු ගසන්නේ නැත ඈත කඳුකර ඉසව්වේ සිඟාලයෙකු හෝ හඬ තලන්නේ නැත ඒ විලේ එක් ඈත කෙලවරක  කුඩා එළියක් නිවි නිවී දැල්වෙයි ඇතැම් විට, එහි මෙහෙට වඩා  දාහය අඩු ඇතැයිද සිතෙයි දැවෙන ගිනි කන්දෙන් මිදී උණු තාර පොකුණේ පිහිනා එහි යන්නටම ඇතැම් විට මට සිතෙයි ඒ තාර පොකුණේ අඳුර මඳකට මකමින් මසකට වරක් පුරපස-පසලොස්වක-අවපස-අමාවක සුපුන් සඳක් ටිකෙන් ටික නැඟ එයි බැස යයි ඇතැම් මූසල දිනක ඒ පසලොස්වක සඳද තාර විල් වාශ්පමය වලාවක නිමේෂයකට බොඳව යෙයි ඉඳින් ඒ සඳ නැඟ එන එවන් එක් මැඳියමක තාර විල සුනිල විලක් සේ සඳ දියේ නැහැවෙයි ඈත කන්දේ නොදත් අත්තක රෑ කුරුල්ලෙකු හඬ තලයි ලැවැන්දර මලක සුවඳක් තාර ගඳ පරයා නැහැ තුඩේ දැවටෙයි ඈත විල් කෙලවර  නිවි නිවී දැල්වෙන එළිය සඳ එලියට අවනතව මැකී යයි සොඳුර! ඔබ සඳ එළිය මේ තාර පොකුණ මත මසකට වරක් වැටී දිලුළන මමයි ඒ මානවක මාසික සඳට ලොබින් තාර පොකුණෙහි කෙලවර දිළෙන සහන් එළිය අත් හැර රළු බොරළු පොල