Posts

Showing posts from February, 2018

පුංචි මහත්මයා

ගම් පලාතේ පොල් කඩන්නන් කිහිප දෙනෙක් සිටියත් , පුංචි මහත්මයා තරම් ඒ වෘත්තියය දක්ෂ කිසිවෙකු සිටියේ නැත . අඩි පහකින් පමණ උසකින් යුතු , කලු පැහැති කෙසග සිරුරක් තිබූ පුංචි මහත්තයා උපතින්ම බකල බව උරුම කරගෙන සිටියේය . කොටු අල්ලි සරමක් , වියතක් පමණ පටියක් , කරේ දැමූ කිලිටි තුවායක් ඔහුගේ දිනාපතා ඇදුම විය . කිසි දිනෙක උඩු කය ඇදුමක් හැද සිටියේ නැත . කොලපත් කොපුවක් දැමූ වක් පිහියක් ඔහු භාවිතා කල එකම ආයුධය විය . පුංචි මහත්මයා ගෙවූයේ තනිකඩ ජීවිතයකි . අම්මා තාත්තා කවුද කියාවත් ගමේ ක්සිසිවෙක් දැන සිටියේ නැත . උදේට පොල් රාත් , සවසට කසිප්පුත් බීම පුංචි මහත්තායාගේ දිනපතා පුරුද්දකි . අපේ නිවසට එන බෑවුම් මාර්ගයේ අයිනක , කුඹුරට මායිම්ව ඔහුගේ පැල් කොටය පිහිටා තිබුනි . එක් කාමරයක වරිච්චි පැල්පතක් වූ එය වසරකට වරක් පොල් අතු සෙවිලි කලේ එකම නෑයා වූ පල්ලෙ බැද්දේ මල්ලි සහ තවත් ගම්මුන් කීප දෙනෙකු විසිනි . දිනපතා පැල් කොටය වටා ඉලපතකින් අතුගා බතක් මාලුවක් පිස අනුභව කර පුංචි මහත්මයා   රැ