පුංචි මහත්මයා
ගම්
පලාතේ පොල් කඩන්නන් කිහිප
දෙනෙක් සිටියත්, පුංචි මහත්මයා තරම් ඒ වෘත්තියය
දක්ෂ කිසිවෙකු සිටියේ නැත. අඩි පහකින්
පමණ උසකින් යුතු, කලු පැහැති කෙසග
සිරුරක් තිබූ පුංචි මහත්තයා
උපතින්ම බකල බව උරුම
කරගෙන සිටියේය. කොටු අල්ලි සරමක්,
වියතක් පමණ පටියක්, කරේ
දැමූ කිලිටි තුවායක් ඔහුගේ දිනාපතා ඇදුම විය. කිසි
දිනෙක උඩු කය ඇදුමක්
හැද සිටියේ නැත. කොලපත් කොපුවක්
දැමූ වක් පිහියක් ඔහු
භාවිතා කල එකම ආයුධය
විය.
පුංචි
මහත්මයා ගෙවූයේ තනිකඩ ජීවිතයකි. අම්මා තාත්තා කවුද කියාවත් ගමේ
ක්සිසිවෙක් දැන සිටියේ නැත.
උදේට පොල් රාත්, සවසට
කසිප්පුත් බීම පුංචි මහත්තායාගේ
දිනපතා පුරුද්දකි. අපේ නිවසට එන
බෑවුම් මාර්ගයේ අයිනක, කුඹුරට මායිම්ව ඔහුගේ පැල් කොටය පිහිටා
තිබුනි. එක් කාමරයක වරිච්චි
පැල්පතක් වූ එය වසරකට
වරක් පොල් අතු සෙවිලි
කලේ එකම නෑයා වූ
පල්ලෙ බැද්දේ මල්ලි සහ තවත් ගම්මුන්
කීප දෙනෙකු විසිනි. දිනපතා පැල් කොටය වටා
ඉලපතකින් අතුගා බතක් මාලුවක් පිස
අනුභව කර පුංචි මහත්මයා රැකියාවට
පිටත්ව යයි.
අපේ
වත්තේ පොල් කැඩීම කලේද
පුංචි මහත්මයා විසිනි. උදේම ගෙදරට එන
ඔහු කිහිප වරක්ම උගුර පාදා "මහත්තයා"
යනුවෙන් තාත්තාට අඩගසයි. නිතර සිනා මුසු
මුහුනින් සිටි ඔහුට කුඩා
අපට ඉතාම කරුණාවන්ත විය.
මග තොටේදී ඇතැම් විට වෙරි වී
කෑ කෝ ගසන ඔහු
අප දුටු විට මීයට
පිම්බාක් මෙන් නිශ්ශබ්ද වෙයි.
අම්මා
දෙන කහට උගුරක් බී,
පොල් අත්තකින් වලල්ලක් සකසා ගන්නා පුංචි
මහත්තායා ඇද සිටින සරමෙන්ම
අමුඩය ගසා ගනී. හිමින්
සීරුවේ පොල් ගස මුලට
යන ඔහු ගසට වැද
හෙමින් ඉහලට නගින්නට පටන්
ගනී. අඩි හැටක හැත්තෑවක
පොල් ගස් සුලගින් ඒ
මේ අත සෙලවෙද්දී කිසිම
අපහසුවක් නොමැතිව ඔහු කරටියටම නැග
ගනී. පොල් කැඩීමට පෙර
වියලි පොල් අති සහ
හනසු ගලවා ඉවත් කර
පොල් ගස ශුද්ධ පවිත්ර කරයි; ඇතම්
පොල් ගස් වල ලේන්
කූඩු කුරුලු කූඩු ඇත. ඒ
පොල් ගස් වලින් පොල්
කැඩීම පසුවට කල් දමා ඔහු
බිමට බසියි.
කැඩූ
පොල් ගෙඩි ගනන පොල්
ගස මුදුනේ සිටම කිවීමටත්, පොල්
ගෙඩි විසිවී ගිය අත කීමටත්
පුංචි මහත්මයාට මනා හැකියාවක් විය.
ගසින් බසින පුංචි මහත්මයා
පොල්කොල තොණ්ඩුවක් දමා ගස සලකුනු
කරයි. ඉනෙහි රදවා ගන්නා ඉරටුව
ඉවත් කල පොල් කොලයක්
වරක් තිරස් අතට බිදීමෙන් ගෙඩි
කැඩූ ගස් ගනන සටහන්
තබා ගනී.
පොල්
කැඩූ විට ඇතැම් විට
පොල් ගෙඩි කුලිය වශයෙන්
ලනා ගන්නා පුංචි මහත්මයා ඇතම් විට තාත්තාගෙන්
මුදල් ඉල්ලා ගනී. ඇතැම් විට
මුදල් ඉලා ගැනීම පසුවට
කල් දමන ඔහු අව්ස්ය
විටෙක පැමිණ ඒ මුදල් ලබාගනී.
පොල් කැඩීම අහවර වන්නේ පොල්
වලල්ල වක් පිහියෙන් කපා
දැමීමෙනි.
පුංචි
මහත්මයා ගිය පාසලක් නැතත්
ඔහු නොදන්නා කවියක් ශ්ලෝකයක් නැත. වෙරිමත් වන
ඇතැම් සැන්දෑවක ඔහු කවි කියමින්
මිදුල පුරා නටයි. වෙල
ඇද්දරට වී මල්ලීත් මමත්
නංගීත් ඒ දෙස බලා
සිටිමු. අපි බලා සිටිනවා
දුටුවහොත් ඔහු වඩ වඩාත්
උනන්දුවෙන් නටයි. ඇතැම් දිනක ඔහු සතුව
තිබූ වී වේලීමට ගන්නා
මා පැදුරකට ආඩපාලි කියමින් තඩිබායි. ඒ පැදුර තම
අඹුව ලෙස ගනිමිනි. ඔහුගේ
ඒ මනෝභාවය තේරුම් ගැනීමට මට වැඩිහිටියෙකු වන
තුරුම හැකි වූයේ නැත.
දිනක්
ගමේ විසූ නොසන්ඩාල ගැමියෙකුගෙන්
නිකරුණේ පහර කෑ පුංචි
මහත්මයා අභය උදෙසා ලේ
පෙරමින් අපේ නිවසට දුව
ආවේය. අපි ඔහුගේ තුවාල
වලට නාහල්ලේ තුවාල තෙල් ගැල්වූයෙමු. ටික
වෙලාවකින් තම පැල්පතට ගිය
ඔහු තමා සතු සියලු
අඩුම කුඩුම මල්ලක දාගෙන පැදුර කිහිලි ගන්වාගෙන අපේ නිවසට ගෙන ආවේය. එහි
වූයේ හැදුනුම්පතක්, වලං කීපයක්, පිං
පඩි පොතක් සහ පරණ පත්තර
කිහිපයක් පමණකි.
වයස්
ගත්වත්ම පුංචි මහත්මයා අබල දුබල විය.
පැල් කොටයද දිරා ගියේය. ඔහු
පල්ලේබැද්දේ සිටි මල්ලීගේ ගෙදර
ගිය බව ආරංචි විය.
ටික කලකින් ඔහු මිය ගිය
බව කවුදෝ තාත්තාට කියා තිබුණි.
එක්
දිනක් උදෑසන අප පවුලේ උදවිය
අම්මාගේ ගමේ යාම සදහා
පිටත් උනෙමු. නිවසේ සිට සැතපුම් කාලක්
පමණ දුරින් පල්ලමක් වේ. අදුර මැදින්
පුංචි මහත්මයා අප දෙසට කන්ද
නැග එනු දක්නට ලැබුනි.
ඔහු මිය ගොස් සිටියේ
නැත!. මට අප්රමණ
සතුටක් දැනුනි. අප සමග වච
න කීපයක් දෙඩූ ඔහු සිය
නිවස දෙසට පියමැන්නේය.
නිවස
අලුත්වැඩියා කරගැනීමට ශක්තියක් නොතිබූ ඔහු කනත්තේ පිහිටි
සොහොන් ගෙයි ලැගුම් ගෙන
සිටියේය. ගම්මුන්ගේ සහ ගමේ පන්සලේ
ලොකු හාමුදුරුවන්ගේ පිහිටෙන් ජීවත් වූ ඔහු මාස
කිහිපයක් ඔත්පලව සිට එහිම මිය
ගියේය. භූමදානයද ගම්මුන් අතින් සිදු විය.
පුංචි
මහත්මයා සිටි පැල් කොටය
දැන් කිසිදු සලකුණක් නොතබා අතුරුදන්ව ගොසිනි. නිවසට යන ඇතැම් දිනක
මම මෝටර් රථය නවතා ඒ
දෙස මදක් බලාසිටිමි. වචනයෙන්
කිව නොහැකි ශෝකාකූල හැගීමක් මගේ සිතෙහි ඇතිවේ.
ඔහු සිටි ඒ ඉඩම
දීර්ග කාලීන බෙදුන් නඩුවකින් පසුව මෑතකදී බෙදා
වෙන්කරන ලදී. ඒ ඉඩම
පුරා දැන් දැන් නව
නිවෙස් ඉදිවෙයි. පුංචි මහත්මයා සිටි ඒ බිම්
කඩ ඔහු මෙන්ම අපේ
මතක සේයාවන් වල සදහටම සැගව
යනු ඇත.
Comments
Post a Comment