Posts

Showing posts from January, 2022

සම්පූර්ණ රැයක අසම්පූර්ණ කතාවක්

Image
මහල් පහළවකින් යුතු ඒ නිවාසයේද පන්තිබේදයක් විය. පහතම නිවෙස් වල විසුයේ අතෙහි මිටෙහි යමක් ගැවසෙන හෝ දරුවන් ධනවත් වයසක ගැහැණු සහ පිරිමිය. අත්‍යාවශ්‍ය දෙයක් මිලදී ගැනීමටත් , වෛද්‍යවරයෙකු මුණ ගැසීමටත් හැර ඔවුහු නිවෙස් වලින් පිටතට නොගියහ. ඔවුන් මහල් නිවාස ආලින්දයේ රැඳෙමින් සතුටු සාමිච්චියේ යෙදුනහ , නිවෙස් වල අඩු පාඩු ගැන කාර්යාලයට ගොස් කණු කුණු ගෑහ. අතර මැදි නිවෙස්වල විසුවෝ දිනපතා සේවයටත් , සති අන්තයේ විනෝද චාරිකා , ප්‍රිය සම්භාෂණ ආදියටත් නිතරම බැහැරව සිටි ව්‍යාපාරික පන්තියේ සහ විධායක ශ්‍රේණියේ අය වූහ. ඔවුන්ට මහල් නිවාසය , පියඹා යද්දී වසා සිටින ගිමන් හරින අත්තක්ම පමණක් විය. ඉර පායද්දීම කැදලි වලින් පියඹා යන ඔවුන් ඇඳිරියත් සමඟ ආපසු එයි. වටපිටාව පිළිඹඳ වගවිභාගයක් නොමැත්තෝය. මතු මහල්වල වෙසෙන්නෝ සුපිරි පැලැන්තියේ ධනවතුන්ය. ඔවුනට නිවසට එන යන රැඳෙන වෙලාවන්ගේ නියමයක් නොමැත. මේම නිවෙස්නයට අමතරව , අන් තැනක නිවාසද විය. ඔවුහු , ඇතැම්විට මධුවිත සහ මිතුරන් සමඟද , අරුමැසි ලඳුන් සමඟද එහි ආවෝය , ගියෝය , හැසිරුණෝය.  මතුමහල් තලයේ අහසට සමීපව සුරංගනා ලොවක කල් යැවූහ. පන්ති බෙදයට ගැලපෙන වාහන , අංකිත වාහන අංගනයේ ග

ආදරණීයම ඇරයුමක්

Image
  පිලිස්සෙන මගේ පපුව අස්සට අනෝරා වැස්සක්ව වසින්න අකුණුම කොටන අඳුරුම අහසක වැස්සකින් පසු දේදුන්නක්ව පායන්න හැන්දෑ කළුවර ගලන වෙලාවක ඉරබටු තරුව වී නැඟෙන්න මේ අත් බැමී ලිහෙන්නට නොදී සංසාර චාරිකාවක ඈත දුර යන්න   උදුපියලිය මලක් පෙනෙන්නේ දණ ගසන් මල්ම සොයන ඇසකට මිණි මුතු පහල වන්නේ වරු ගනන් මහ පොලව හාරන සවිබලම දෑතක කොඳ මල් සුවඳ දෙන්නේ මඩ ගදින් ආකුලම විල් තෙරක ඒත් , ඔය සිනා කැන් මැවෙන්නේ මගේ සිත තැවි තැවිම ඉන්න මොහොතක   වහින්නම ඕනි කතරක පින්නක් නැතුව වියලියි පිපෙන්නම ඕනි මලකට සඳ රැස් නැතුව කාංසියි ගලන්නම ඕනි දොලකට පෙගෙන්නට උල්පත් උනනතුරු හීනියි ආදරේ දෙන්නම ඕනි හිතකට ආදරේ නැතුවම මහ දුකයි පාලුයි   ඔය සිනා මුව අගින් හාදුවක්ව තැවරෙමි ඔබෙ ලයට හිස තියා සැතපී ආත්ම ගනනක දුක කිය කියා වැලපෙමි ඔබේ සියුමැලි ඇඟිලි පහසින් කිරිදරුවෙක්ව කීකරුව නිදමි මැදියමේ දිගු සිහිනයක ඔබේ අතගෙන තරු අහසක් යට අනන්තයටම පා නඟමි   2022.1.8