Posts

Showing posts from December, 2021

බෲක්සයිඩ් දුම්රිය පලෙහි රවුමක්!

Image
  දුම්රිය හා සබැඳි අතීත තොරතුරු ගවේශණයට සිතියම් ලබාදෙන්නේ මගඟු පිටුවහලකි. ඒ අතරිනුත් මිනින්දෝරු සැලසුම් ඉතා ඉහල වටිනාකමක් හොබවන්නේ ඒවා පරිමාන‍ය අනුව සහ සමෝච්ඡ රේඛා සටහන් කරමින් ඇඳ තිබීමත් , ඉහල තොරතුරු ප්‍රමාණයක් අඩංගුව තිබීමත් , කාලානුරූපී බවත් නිසාය. පසු ගිය පටු ආමාන පොත පිලියෙල කිරීමේදී වසා දැමූ පටු දුම්රිය මාර්ග වල මිනින්දෝරු සිතියම් ලබාගැනීමට උත්සාහ දැරුවත් , එම උත්සාහය එතරම් සාර්තක නොවීය ; රටෙහි පැවති කොවිඩ් වසංගත තත්ත්වයත් , වෙනත් අපහසුතාත් ඒ කෙරෙහි බලපෑවේය. කෙසේ නමුත් මෑත කාලීනව දුම්රිය දෙපාර්තමේන්තුවේම සේවය කරන ප්‍රසන්න ප්‍රේමතිලක මහතා විසින් එවන් වටිනා මිනින්දෝරු සැලසුම් රැසක් අන්තර්ජාලයට මුදා හරින්නට කාරුණික විය. එසේ මුදාහරින ලද මිනින්දෝරු සැලසුම් ගැඹුරින් අද්‍යනය කිරීම මේ දිනව මගේ සිත් ඇදගන්නා කරුණක් වී ඇත.  මේ එලෙස ලැබුන බෲක්සයිඩ් [Brookside, BKS] දුම්රිය පලෙහි මිනින්දෝරු සැලසුම ආශ්‍රයෙන් මතුකරගන්නා ලද නිරීක්ෂණ සමහරකි. තව දුරටත් මේ පිලිඹඳව අධ්‍යයයනය සිදුවන බැවින් , මෙය සංක්ශිප්ත සටහනක් නොවෙතත් , මිනින්දෝරු සැලසුම් වල ඇති වටිනාකම මතු කිරීම සඳහා තබන ලද සටහනකි. බෲක්සයිඩ්