Posts

Showing posts from January, 2023

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!

Image
පාසලේ පිරිමි ලමුන්ට බොහෝවිට වංතකමක් , එසේ නැතහොත් ආරූඪ නාමයක් , සරලව කිවහොත් ' කාඩ් ' එකක් ඇත. මෙම වංතකම් විවිධාකාර කාරණා අරමුණු කොටගෙන විවිධ කාලයන්හිදී ඇති වූ ඒවා වෙති. ඇතැම් විට අලුත් වංතකමක් නිසා පරණ වංතකමක් යටයෑම හෝ ඒ වංතකම් දෙකම එකතු වී අලුත් වංතකමක් ඇති විය හැකිය. මගේ පාසල් කාලයේ වංතකම කොකාය. හේතුව පැහැදිලිය. මම පාසල් කාලයේ හීනිය , උසය. එක කලක පංතියේ සිටි උසම ලමයා මම වීමි. කලකින් ඒ වාර්තාව අභිබවා යාමට කිහිපදෙනෙක් සමත්වූවත් , මගේ වංතකම එසේ මැකී ගියේ නැත. මම මගේ වංතකමට එකල කැමති නැත. අකමැත්ත , වංතකමක් මුල් බැස ගැනීමටහේතුභූත වන්නේය. තවමත් " කොකෝ" යනුවෙන් මට අමතන්නෝ මිතුරන් අතර දුලභ නොවෙති. වංතකම් හා ඒවායේ මූලාශ්‍ර කතා කිරීමට යාම එතරම් සුදුසු නැත. ඇතැම් ඒවාට මූලාශ්‍ර ඇත්තේම නැති අතර ඇතැමක මුල අසභ්‍යය. ඉඳින් ස්වකීය කැමැත්තෙන් යමෙක් දොඩයි නම් හැර , මම ඒවා කතා කිරීමට නොයමි. ඇතැම්විට එය අනෙකෙකුගේ සිත රිදවීමටද හැකිය. උදාහරණයක් වශයෙන් ගැහැනු යට ඇඳුමකට ඉංග්‍රිසියෙන් කියන පදය වංතකමක් වූ ඇත්තා අද විශ්ව විද්‍යාලයක ආචාර්‍යතුමෙකි.එයම සිංහලෙන් යොදා හැඳින්වූ මිත්‍රයා ප්‍රමුඛ

දිමියා

Image
රාත්‍රියේ පින්නට පොඟල බිමට නැවුනු වියලි ඉලුක් සහ මානා පඳුරු හොම්බෙන් එහාට මෙහාට කරගෙන දිමියා , සුපුරුදු ඉවැති අඩිපාරේ වත්ත පහලට ඇදුනා. පඳුරු අස්සේ හරස් අතට බැඳි මකුළු දැල් වලට පිණි බෑවිලා , කළු කපාගෙන යාන්තමට එබෙන හිරු එළියට දිස්නේ ගහනවා. මකුළු දැල් වල , ඉලුක් මානා පඳුරු වල තැවරුන පිණි දිමියගෙ හොම්බෙ පදාසයක්ම තෙත බරිත කලා. ඇතැම් විට නාස් පුට අස්සට ගිය පිණි නිසා දිමියට කිවිසුම් යන්නත් එනවා. ඒ වෙලාවට කටේ තියෙන කුකුල් කුණ බිමට අතෑරල කිවිසුමක් දෙකක් යවල නාහෙ පාදාගන්නා දිමියා , ආපහු කුකුල් කුණ ඩැහැගෙන සුපුරුදු ගමනම යනවා. අක්කර දහයක් පමණ වෙච්චි වත්තෙ එක බෑවුමක කෙලවර වෙල් යායකට මායිමකට වෙන්න පුංචියට හදපු පැරණි පැල් කොටයක් තියෙනව. ඒ පැල් කොටේ වහල දිරල පාත් වෙලා , පැල ඇතුලෙ තියෙන මැස්සටම පාත් වෙලා. මැස්ස යට , නොතෙමී ඉතිරි වුන ඉඩේ , දූවිලි ගොඩේ යාන්තම් ලගින්න තරම් වලක් හාරගෙන කිරියා පැටව් දාල. සුදු පාට එක්කෙනයි , කළු පාට දෙන්නයි , කළුයි සුදුයි එක්කෙනයි. බැල්ලි පැටව් තුනයි , එක බලු පැටියයි. ලන්ද අස්සෙන් රිංගල ආපු දිමියා , කිරියගේ අගුවට හොස්ස පෙව්වා. දූවිලි ගොඩේ පැටවුන්ට කිරි දිදී උන්නු කිරිය