Posts

Showing posts from 2018

තාත්තා

Image
තාත්තා අප හැර ගිහිං මේ ඔක්තෝබරේට අවුරුදු 08 ක්. තාත්තා හිටියානම් මේ වෙද්දි අවුරුදු 72 ක්. මුණුබුරෝ මිණිබිරියො බල්ලො පූසො ඔක්කොම වටකරගෙන සන්තෝසෙන් ඉන්නව දකින්න අපිට පිනක් තිබිල නෑ. දැන් වෙද්දි අපි හැමෝටම වාහන තිබ්බත් අපිට තාත්තට කියල වාහනයක් අරන් දෙන්න උනෙත් නෑ. පොඩි නංගි ලගදිත් ඒ කතාව මතක් කලා. තාත්තට ජීවිත කාලෙටම තිබුනෙ පුට් බයිසිකල් එකක් විතරයි. පහුකාලීනව තාත්තම ඒක කාට හරි දීල තිබ්බ. තාත්තාගෙ අ ... සනීපය හොදටෝම අසාද්‍ය වෙනකම් අපි කවුරුත් දැනන් උන්නෙ නෑ. මම හිතන්නෙ තාත්තා අපිට තේරෙන්න ඇරියෙ නෑ, හංගං හිටියා මිසක්ක. තාත්තා වේදනාව වැඩි උනහම ඇද විට්ටම හපාගෙන ඉවසගෙන හිටියය කියල අම්මා අපිට කිව්වෙ බොහොම පසුකාලීනව. තාත්තා ඉස්සර උදෙන්ම නැගිටල කොලඹ ඉස්පිරිතාලෙ ක්ලිනික් යනව අපිට මතකයි. ඒ ඇරෙන්න අපි තාත්තගෙ අසනීපයක් ගැන හාංකවිසියක්වත් දැනන් උන්නෙ නෑ. ඒ කාලෙ ගමේ ඉදන් කොලඹ යනව කියන්නෙ පැය පහක විතර තෙහෙට්ටු වෙන වැඩක්. උදේ 4.15 ට හන්දියෙන් යන ඇඹිලිපිටියෙ ඩිපෝව කොලඹ බස් එකේ යන්න ඕනි. ඒ බස් එකේ සෙනග සූ ගාල. ගොඩක් වෙලාවට කොළඹ ට යනකම්ම හිටගෙනයි යන්න ඕනි. මාත් පස්සෙ කාලෙක කැම්පස් යන්න ඔය බස් එකේම ගි

අරණකට පෙම් බැද

මෑත කාලයේදී ඉතා හොද සිංහල පරිවර්තන පොත් දෙකක් කියෙව්වා. එක පොතක් චින්තා ලක්ශ්මී සිංහාරච්චි වංග බසින් සිංහලට නැගූ අරණකට පෙම් බැද. අනෙක එන්.පී, විජේරත්න මහතා ඉන්ගිරිසියෙන් සිංහලට නැගූ දෙවොලේ සැගවුන අභිරහස. සිතට වඩාත්ම සමීප වුනේ අරණකට පෙම් බැද කියල කීවොත් නිවැරදියි. සුන්දර පරිසරය සහ සුපුරුදු භාවය මිසක් අනෙකුත් පරිවර්තනයේ වැරැදහක් නෙමේ. අරණකට පෙම් බැද කියවද්දි මට මතක් වෙන්නේ අපේ මහ ගෙදර. අපේ ගෙදර තියෙන්නෙ කුඹුරු වලින් වටවූ දූපතක් වගේ ඉඩමක . කුඹුරු වලින් ඔබ්බට තියෙන්නෙ පොඩි කදු ගැට . ඒවායේ මෑතක් වනකම් පදිංචි කරුවො හිටියෙ නැහැ . පසු කාලීනව තේ වගා කරන්න කලින් ඉලුක්   හා මානං කැලයක් තමා තිබුනෙ . විශාල මිදුලක් තිබ්බා . හද එළියෙ සුන්දරවත්වය වඩා හොදින් දැනෙන්නෙ නිකිනි මාසෙට . පොඩි වැහි රැල්ලකින් පස්සෙ හද එලිය වැටිල තියන මිදුලට වෙලා ඉන්න මම හරි ආසයි . ගෙදර හැමෝම නිදි . අපෙ සුරතල් බලු පැටියා වෙච්ච ටොමියා ඇවිත් මා ගාවට වෙලා ඉන්නවා . තෙත බරිත් පොල් අතු සද එලියට රිදී ඉරි වගේ දිලිසෙනව . ඉලුක් යාය " සර සර " හඩ

කහන කුඩු.

අපට ගමේ සතුරන් කිහිප දෙනෙක් විය . පිට ගමකින් පැමිණ ඉතා වටිනා ඉඩමක් තරමක් අඩු මිලට ගත් නිසා එය කඩා වඩා ගැනීමටත් සූරා කෑමටත් බලා සිටි අය සතුරන් වූවා මිසක , අපේ දෙමවුපියන් දැන හෝ නොදැන කල වෙන වරදක් වූයේ නැත . මේ සතුරන් අතරින් කාලානුරූපව මිතුරන් වූ අයද නැත්තේ නොවේ . අයෙක් එසේ නොවී , මල විටක ගෙනියන්නට මෙන් තණ්හාව පෙරදැරිව දැවෙමින් සිටිති . එලෙස සතුරු කම් කල අය අතර , තවමත් ජීවත් වන එක්තරා පුද්ගලයෙකු සිටී . ඔහු ජීවතුන් අතර සිටින නිසා , ඔහුගේ නම මෙහි සදහන් නොකරමි . අප වතුර බොන ලිදෙහි බල්ලන් ඔබා නෑවීම , වත්ත උඩින් බීමත්ව ආයුධ පෙන්වමින් යෑම , වැට කඩොලු කැඩීම , ආදියෙන් නොනැවතී ඔහු දෙවරක් තාත්තා ඉලක්ක කර ගල් ප් ‍ රාහාර දෙකක්ද එල්ල කලේය . එක් ගලක් බිත්තියේ සිදුරක් ඇති කල අතර අනෙක ප් ‍ රදාන දොරෙහි දැඩි පැල්මක්ද ඇති කලේය . මේ කිසිවකින් තාත්තා සොලවන්නට බැරි වූ කල ඔහු දියත් කලේ ඉතාම තුච්ඡ වූ ප් ‍ රාහාරයකි . මේ ඒ පිලිඹදව කණගාටුදායක මතකයෙන් බිදකි . එකල අප පවුලේ අන්ති