අරණකට පෙම් බැද
මෑත කාලයේදී ඉතා හොද සිංහල
පරිවර්තන පොත් දෙකක් කියෙව්වා. එක පොතක් චින්තා ලක්ශ්මී සිංහාරච්චි වංග බසින් සිංහලට
නැගූ අරණකට පෙම් බැද. අනෙක එන්.පී, විජේරත්න මහතා ඉන්ගිරිසියෙන් සිංහලට නැගූ දෙවොලේ
සැගවුන අභිරහස. සිතට වඩාත්ම සමීප වුනේ අරණකට පෙම් බැද කියල කීවොත් නිවැරදියි. සුන්දර
පරිසරය සහ සුපුරුදු භාවය මිසක් අනෙකුත් පරිවර්තනයේ වැරැදහක් නෙමේ.
අරණකට පෙම් බැද කියවද්දි
මට මතක් වෙන්නේ අපේ මහ ගෙදර. අපේ ගෙදර තියෙන්නෙ කුඹුරු වලින් වටවූ දූපතක් වගේ ඉඩමක. කුඹුරු වලින් ඔබ්බට තියෙන්නෙ පොඩි කදු ගැට.
ඒවායේ මෑතක්
වනකම් පදිංචි කරුවො හිටියෙ නැහැ.
පසු කාලීනව තේ වගා කරන්න
කලින් ඉලුක් හා මානං කැලයක් තමා තිබුනෙ. විශාල
මිදුලක් තිබ්බා. හද එළියෙ සුන්දරවත්වය වඩා හොදින් දැනෙන්නෙ නිකිනි මාසෙට. පොඩි
වැහි රැල්ලකින් පස්සෙ හද එලිය
වැටිල තියන
මිදුලට වෙලා
ඉන්න මම
හරි ආසයි.
ගෙදර හැමෝම
නිදි. අපෙ
සුරතල් බලු
පැටියා වෙච්ච
ටොමියා ඇවිත්
මා ගාවට
වෙලා ඉන්නවා. තෙත බරිත් පොල්
අතු සද
එලියට රිදී
ඉරි වගේ
දිලිසෙනව. ඉලුක්
යාය "සර
සර" හඩින්
සෙලවෙද්දි තෙත
අමු ඉලුක්
ගස් වලින්
හමන්නෙ මන
බදින සුවදක්. වක්කඩ බැදල වතුර
පුරවල තියෙන
ලියදි සද
එලියෙ දිලිසෙනව.
ගිණිකොන දිග කන්දෙ ඒ
කාලේ ඕළු
මුවෙක් උන්නා.
බටහිර පැත්තේ කැලේ නරි රංචුවක්. ඕළු මුවාගේ කඨොර
නාදයත්, නරින්ගේ හූවත් එකට කලවම්
වෙලා ඇහෙනව
තරගෙට වගේ.
වත්ත පල්ලෙහා කුඹුක් ගහට දේවතා
එළි පාත්
වෙනව සමහර
වෙලාවට දකින්න පුලුවන්. පෝය කිට්ටුවනම් පන්සලේ ගණ්ඨා නාදය
හරි පිරිත් හරි ලාවට ඇහෙනවා. ඒ සද්දේ අඩුවැඩි වෙලා ඇහෙන්නෙ සුළගත් එක්ක.
මම ඉස්සර එළියෙ
වාඩිවෙලා කවි
ලියනව. කවි
සිතුවිලි ගලාගෙන එන්නේ වක්කඩින් වතුර
ගලන්න වගෙ.
ඒ වගේ
කවි සිතුවිලි එන්නෙ නැහැ වෙන
කොතැනකදීවත්.
අරණකට පෙම් බැද
කතා නායකයාගේ චරිතය තුලින් මම
දෙවෙන්දරා සං
දකිනව. අත්පත් කරගන්න ආසා උනත්,
ගසකින් මලක්
කඩාගත්තම මල
ඉක්මනට පරවෙලා යනව කියල දන්න
නිසා ඔහු
භානුමතී හැරයන්නෙ නොකියම. භානුමතී වගේම
මංචිත්, කුන්තාත් ඔහුට පෙම් බදින්න ඇති. ඒත් ඔහුගේ
ආදරය තිබුනේ පරිසරයට. එහි ජීවත්
වන මිනිසුන් කෙරෙහි දයාර්ද්ර වීමට
පරිසරයත් බලපාන්න ඇති.
පරිසරය පුදුම විදියට මිනිස්සු වෙනස් කරවනව.
++++
ReplyDelete