Posts

Showing posts from June, 2018

කහන කුඩු.

අපට ගමේ සතුරන් කිහිප දෙනෙක් විය . පිට ගමකින් පැමිණ ඉතා වටිනා ඉඩමක් තරමක් අඩු මිලට ගත් නිසා එය කඩා වඩා ගැනීමටත් සූරා කෑමටත් බලා සිටි අය සතුරන් වූවා මිසක , අපේ දෙමවුපියන් දැන හෝ නොදැන කල වෙන වරදක් වූයේ නැත . මේ සතුරන් අතරින් කාලානුරූපව මිතුරන් වූ අයද නැත්තේ නොවේ . අයෙක් එසේ නොවී , මල විටක ගෙනියන්නට මෙන් තණ්හාව පෙරදැරිව දැවෙමින් සිටිති . එලෙස සතුරු කම් කල අය අතර , තවමත් ජීවත් වන එක්තරා පුද්ගලයෙකු සිටී . ඔහු ජීවතුන් අතර සිටින නිසා , ඔහුගේ නම මෙහි සදහන් නොකරමි . අප වතුර බොන ලිදෙහි බල්ලන් ඔබා නෑවීම , වත්ත උඩින් බීමත්ව ආයුධ පෙන්වමින් යෑම , වැට කඩොලු කැඩීම , ආදියෙන් නොනැවතී ඔහු දෙවරක් තාත්තා ඉලක්ක කර ගල් ප් ‍ රාහාර දෙකක්ද එල්ල කලේය . එක් ගලක් බිත්තියේ සිදුරක් ඇති කල අතර අනෙක ප් ‍ රදාන දොරෙහි දැඩි පැල්මක්ද ඇති කලේය . මේ කිසිවකින් තාත්තා සොලවන්නට බැරි වූ කල ඔහු දියත් කලේ ඉතාම තුච්ඡ වූ ප් ‍ රාහාරයකි . මේ ඒ පිලිඹදව කණගාටුදායක මතකයෙන් බිදකි . එකල අප පවුලේ අන්ති

ලුවිස් මාමා.

ලුවිස්   මාමා ජීවත් වූයේ අපේ වත්ත මායිම්ව පිහිටි කුඹුරේ එහා ඉවුරේ පිහිටි වරිච්චි නිවසකය . අපි වත්ත පහලට ගොස් සෙල්ලම් කරන ඇතැම් දිනක ලුවිස්මාමා වත්තේ වැඩ පලක නිරතව සිටී . අපි මහ හඩින් " ලුවිස් මාමේ " කියා කෑ ගසන්නෙමු . ලුවිස්මාමා " ඕ " කියා උත්තර දෙයි . අපේ කන්දොස්කිරියාව ඒකාකාරී වුවද උත්තර බැදීමෙන් වෙහෙසට පත්වන්නේවත් තරහ ගන්නේ වත් නැත, ලුවිස් මාමා . ලුවිස් මාමා " මාමා " වන්නේ නෑ කමට නොවේ . ඔහුගේ රැකියාව රෙදි සේදීමයි . සුදු පොට්ටනියක කිලිටි හෝ සේදූ රෙදි පුරවාගෙන ගෙන්ගෙට ගොස් ජීවිකාව කල පවුලක අන්තිම පුරුක වූයේ ලුවිස් මාමා සහ නැන්දාය . ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ දරුවන් කුලී වැඩට යොමු වූවා මිසක , රෙදි සේදීමේ රස්සාව පුරුදු වූයේ නැත . රෙදි සෝදන්නන් " ඩෝබි ", " අපුල්ලන්නන් " ආදී විවිද නම් වලින් හැදින් වූවද අපේ දෙමවුපියන් ඔවුන් හැදින්වූයේ ලුවිස් මාමා සහ නැන්දා වශයෙනි . ඔවුන් අපට සාම්ප් ‍ රදායිකව " සීයා " සහ " ආච්චි "