Posts

Showing posts from April, 2018

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

Image
ඊයේ රාත් ‍ රියේ දිවියෙන් සමුගන්නට යෙදුනු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මට මුණ ගැසී ඇත්තේ ජීවිතයේ එක් වතාවක් පමණි . ඒ ඉතාමත් අහඹු ලෙසකිනි . එවන් මහා පුරුෂයෙකු එක් වරක් හෝ හමුවීම මා ජීවිතයේ ලද ඉමහත් භාග්යයක් ලෙස අදටත් ප් ‍ රණාම පූර්වකව සිහිකරමි . එතුමා ජාතියෙන් සමුගන්නා මේ මොහොතේ මගේ ඒ සුළු අත්දැකීම මෙසේ සටහන් කොට තබමි . විශ්ව විද්යාලයේ පශ්චාත් උපාධිය හදාරන සමයේ සිනමා විචාරය පිලිබද මං පෙතක් අපේ ඇදුරානන් කෙනෙක් වූ රවීන් ගුණරත්න මහතා විවර කර දුන්නේය . මේට් ‍ රික්ස් (Matrix) , රෙයිස් ද රෙඩ් ලැන්ටන් (Raise the red lantern) ආදී සිනමා කෘති විවරනයෙන් පසුව මට සිංහල සිනමාව පිලිබදවද අමුතු ඇල්මක් ඇතිවිය . ඒ වන විට ජාතික රූපවාහිනිය ඔස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව , බැද්දේගම , ගම්පෙරලිය ආදී සිනමා කෘති නරඹා එතුමාගේ සිනමා භාවිතාව පිලිබදව කැමැත්තක් මසිත තුල ඇතිවී තිබිනි . 2004 -2005 වසර වල කොලඹ ජාතික පුස්තකාලයේ බැහැර නොදෙන අංශයේ තිබූ සියලුම සිනමා සම්බන්ද පොත්

ඇෆ්ගන් කතා 3 - නික්ම යාම. දෙවන කොටස.

හමීඩ් කර්සායි ජාත්යන්තර ගුවන් තොටුපලේ යානා පර්යන්ත ඇත්තේ දෙකක් පමණි . කලාතුරකින් හැරෙන්නට ඩුබායි සිට එන ගුවන් යානාවන්ට මෙම පර්යන්ත වල ඉඩ ලැබේ .   ගුවන් යානය පර්යන්තයක නැවතූ විට යානය තුල කඩි ගුලක මෙන් කලබලකාරී බවක් ඇති වේ . මගීහු දනි පනි ගා ඉහල රාක්ක වල ඇති මළු අතට ගනී . ගුවන් යානයේ දොර ඇරුණු මොහොතේම සියල්ලන් පොර කමින් ඉදිරියට පනී . බොහෝවිට මා වෙන්කර ගන්නේ ඉදිරි පෙල අසුනක් නිසා මේ අවහිරයෙන් මිදෙන්නට මට හැකි වේ . ඇතැම් විට යානයේ ගම්න් ගන්නා ප් ‍ රභූන් ගෙන යාමට ඔවුන්ගෙ වාහන ගුවන් යානය අසලටම පැමිණ තිබෙනු දකින්නට ලැබේ . ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් ඉතා ආචාරශීලීය . ඔවුන් විදේශිකයින්ට විශේෂ සැලකිල්ලක් දක්වයි . විනාඩියක් වැනි කාලයක් තුල ආගමන කටයුතු නිමවා ගමන් මළු පර්යන්තයට යෑමට ඉඩ ලැබේ . ගමන් මළු පර්යන්තයේ පෝටර් වරු පිරී සිටිති . ඩොලරයක හෝ දේකක කුලියට ගමන් මලු එලියට ප් ‍ රවාහනය කිරීම ඔවුන්ගේ රැකියාවයි . ජ්යාත්යන්තර ගුවන් ගමන් ඉතා අඩුවෙන් සිදුවන ඇෆ්ගනිස්තා