ඇෆ්ගන් කතා 1- පිවිසුම.


ඇෆ්ගනිස්තානය ගැන ඔබ දන්නේ මොනවාද?

ඔබ මට දෙන පිලිතුරෙහි "මුස්ලිම් අන්තවාදය", "ත්රස්තවාදීන්" , "තලේබාන්" වැනි වචන රැසක් ගැබ්ව පවතිනු ඇති බව නොඅනුමානය.

2014 වසරේ සිට මේ දක්වා (2018 අප්රේල් ) එහි සේවය කරන්නෙකු වශයෙන් එම නිගමනය වැරදි බව පැවසීමට මට ඉඩ දෙන්න.

ඇෆ්ගනිස්තානය වසර 40 කට අධික කාලයක් ලේ වගුරවන යුද්ධයක පැටලී සිටින බව සත්යයකි. එහෙත් එය බොහෝ දුරට ඔවුන් මත බලෙන් පැටවූ එකක් බව නොකියාම බැරිය.

උපන්දා සිට යුද්ධය අත් දකින වර්තමාන පරම්පරාව යුද්ධය හැර වෙනත් කුමක් කරන්නද?

දකුණු ආසියාවේ තෙවන විශාලතම රට වන ඇෆ්ගනිස්තානය වර්ග කිලෝමීටර් 652,864 විශාලත්වයෙන් යුත්, මුලුමනින්ම භූමයෙන් වටවූ කදුකර රටකි. එහි මිලියන 34 ක් ජනතාවක් වෙසෙයි. ප්රදාන ආගම සුන්නි නිකායික ඉස්ලාම් දහමයි.

විවිධ ජනවර්ග රැසක් ගෝත් වශයෙන් එහි වෙසෙයි.පශ්තූන්, තජික්, හසාරා, උස්බෙක්, පශෙයී, නුරුස්තානී ආදී වශයෙනි. කාලාන්තරයක් තිස්සේ විවිධ බාහිර බලපෑම් යටතේ භේද බින්න කර ඇති ඔවුන් අතර සැලකිය යුතු සමගියක් නැත. රටෙහි බහුතර පෙදෙස් රජය යටතේ පාලනය වන අතර සුලු පෙදෙසක් තලේබාන් පාලනය යටතේ පවතී. දේශ සීමා අතර කිසිදු පාලනයක් නොමැති අතර රට වැට කඩොලු බිදී ගිය ගොවි පොලක් මෙන් අසල් වාසීන් සැම විසින් කොල්ල කනු ලබයි.

ඇෆ්ගනිස්තානය රටවල් 6 කින් වටවී පවතී. නැගෙනහිරින් සහ දකුණෙන් පකිස්තානයත්, බටහිරින් ඉරානයත්, ටර්මෙනිස්තානයත්, උස්බෙකිස්තානයත්, තජිකිස්තානයත් උතිරිනුත්, ඈත ඊසාන දෙසින් චීනයේ සුලු කොටසකුත් වශයෙනි. බොහෝදුරට "නරක" අසල්වාසීන් වන මෙම රටවල් ඇෆ්ගනිස්ථානයේ ඇවිලෙන ගින්නට නිරන්තරයෙන් පිදුරු දමමින් සිටිති.

ඇෆ්ගනිතානයේ ප්රදාන භාශාවන් වන්නේ ධාරි සහ පශ්තූන්ය. සාක්ශරතාව 35% ක් තරම් පහල අගයක් ගන්නා අති දුශ්කර රටක් වන ඇෆ්ගනිස්තානය දරිද්රතාවයේ පහලම අඩියට ගිලී සිටිති.

ඇෆ්ගනිස්තානයේ පලාත් 34 ක් පවතින අතර ගමනාගමනය අති දුශ්කරය.

මේ කරුණු ස්වල්පය ගෙන ආවේ ඔබට මේ රට පිලිබද සුළු අදහසක් ලබාදීමට පමණි. වැඩි විස්තර අන්තර්ජාලයේ ඕනෑ තරම් ඇත. (https://en.wikipedia.org/wiki/Afghanistan)
ඇෆ්ගනිස්තානයේ මා ගෙවූ කාලය තුල ලද අත්දැකීම් පෙලගැස්වීමේදී මෙම කරුණු කාරනා දැන සිටීම රුකුලක් වන නිසාවෙනි.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!