ආදරණීයම ඇරයුමක්
පිලිස්සෙන මගේ පපුව අස්සට
අනෝරා
වැස්සක්ව වසින්න
අකුණුම කොටන
අඳුරුම අහසක
වැස්සකින් පසු
දේදුන්නක්ව
පායන්න
හැන්දෑ කළුවර
ගලන වෙලාවක
ඉරබටු තරුව වී
නැඟෙන්න
මේ අත් බැමී
ලිහෙන්නට නොදී
සංසාර
චාරිකාවක ඈත දුර යන්න
උදුපියලිය
මලක් පෙනෙන්නේ
දණ ගසන් මල්ම සොයන
ඇසකට
මිණි මුතු පහල
වන්නේ
වරු ගනන් මහ
පොලව
හාරන සවිබලම
දෑතක
කොඳ මල් සුවඳ
දෙන්නේ
මඩ ගදින්
ආකුලම විල් තෙරක
ඒත්,
ඔය සිනා කැන්
මැවෙන්නේ
මගේ සිත
තැවි තැවිම
ඉන්න මොහොතක
වහින්නම ඕනි
කතරක
පින්නක් නැතුව
වියලියි
පිපෙන්නම ඕනි
මලකට
සඳ රැස් නැතුව
කාංසියි
ගලන්නම ඕනි
දොලකට
පෙගෙන්නට
උල්පත්
උනනතුරු
හීනියි
ආදරේ දෙන්නම
ඕනි හිතකට
ආදරේ නැතුවම
මහ දුකයි
පාලුයි
ඔය සිනා මුව
අගින්
හාදුවක්ව
තැවරෙමි
ඔබෙ ලයට හිස
තියා සැතපී
ආත්ම ගනනක දුක
කිය කියා
වැලපෙමි
ඔබේ සියුමැලි
ඇඟිලි පහසින්
කිරිදරුවෙක්ව
කීකරුව නිදමි
මැදියමේ දිගු
සිහිනයක
ඔබේ අතගෙන
තරු අහසක් යට
අනන්තයටම පා
නඟමි
2022.1.8
Comments
Post a Comment