මානා කැපීම.
අප විසූ අක්කර දෙකක් පමණ වූ වත්ත පුරා විවිදාකාරයේ ගස් විය. අඹ ගස් අටක් දහයක් පමණ, විසල් ගම්මාලු ගස් දෙකක්, මුල සිටම අතු විහිදුන මැංගුස් ගස් දෙකක්, නාරං, දොඩම්, පේර, නමිනං, වෙල්වට් ඇපල් හා කජු ගස් කිහිපයක්ද විය. රන්තැබිලි, ගොන්තැබිලි, කුන්දිරා, නවසි වර්ග වල තැබිලි ගස්ද, එක එක තාලයට වැවුනු පොල් ගස් විස්සක් තිහක්ද ඒ අතර විය.
ඊට අමතරව වත්ත පුරාම වූයේ ඉලුක් සහ මානං කැලයයි. ඉතා ගැඹුරට විහිදුනු මුල් පද්දතියකින් යුතු ඉලුක් කොතරම් කපා ඉවත් කලත් නැවත වැවේ. කුලීකාරයන් සමග මාස තුනකට වරක් ඉලුක් කපා ඉවත් කිරීමට තාත්තාට සිදු වූයේ සර්ප ගහණය වැඩිනිසාය. මාපිලුන්, කරවැලුන්, නාගයින්, පොලගුන් ආදී විසකුරු සර්පයන්ද, ඇහැටුල්ලන්, අහරකුක්කන්, ගැරඩින් ආදී අහිංසක සර්පයින්ද, දිවි මකුලුවන් සහ ගෝනුස්සන් වැනි සන්දිපාදයන්ද නිතර හමුවූ මිතුරන් මෙන් විය. ඉදහිට දශ්ඨ කල ගෝනුස්සෙකු හැරෙන්නට මේ සතා සීපාවාගෙන් අපට කිසි දිනක අතුරු අන්තරාවක් සිදු වූයේ නම් නැත.
ඉලුක්කැපීමට නිතර ආවේ ලුවිස් මාමා සහ ඔහුගේ පුත්‍රයා වූ යසපාලයි. දිගු මිටි සහිත කැත්තකින් වත්තේ කොනක සිට මානා කපන්නට පටන් ගන්නා ඔවුන් නිතරම තේ කහට බීම සිරිතකි. ලුවිස් මාමා පෙට්ටි සුරුට්ටු බොන අතර යසපාල බීඩි බොයි.කෑමට කොස් ගෙඩියක් කඩා තම්බා කොච්චි සම්බෝලයක් පිලියෙල කිරීමට අම්මා පුරුදු වී සිටියාය. සුරුට්ටු කාරමට සැරට කන්නට උවමනාය.
ලුවිස් මාමාත් යසපාලත් මානං කැලය කැති ගාද්දී තරමක් දුරට වී බලාසිටීමට මල්ලීත් මමත් ඉතා ආශා කලෙමු. ඉදහිට කැලය තුලින් නිදාන මතුවේ. මැරුණු කුරුල්ලෙකුගේ අත්තටු, ලේනෙකුගේ ඇට සැකිල්ලක් දිනක් අම්මාගෙන් බැනුම් අසා ගෙදර ගෙන ආ හැටි අද මෙන්ම සිහිපත් කල හැකිය.
තාත්තා වල් කොටන්නටඑක්වන්නේ මිට කෙටි වක්කැත්තක් රැගෙනය. තාත්තා වල් කොටන්නට ඒම අපට එතරම් සතුටක් ගෙනදුන්නේ නැත." ඔතන උඩ බලං ඉන්නැතුව වල් ටිකක් උගුල්ලහල්ලකො" තාත්තා කියයි. බිම ඇන බාගෙන වල්පැල ඉගිල්ලීම තරම් කම්මැලි වැඩක් මට එකල තිබුනේ නැත.
වල්කොටා ඉවර කල පසු සැර සබන් වර්ගයක් ගල්වා නෑ යුතුය. මානා බූව කසන සුලු වන අතර කොල සිහින් පිහි මෙනි.සබන් ගාන විට මුලු ඇගම දැවිල්ල ගන්නේ තුවල වලට සබන් ඇතුලු වීම නිසාය.
වල් කෙටූ පසු සතියක් යන තුරු වියලීමට හරිනු ලැබේ. මේ කාලය තුල එක් වරක් මානං කැලය කනපිට පෙරලා වියලිය යුතුය. නැතහොත් එක් පසක් අමුවෙන් පවතී. දින කිහිපයක් යත්දීම කැපූ මානා මුල් වලින් අලුත් ගොබ එලියට ඇදෙයි. තියුණු උල් සහිත මේවා කකුලෙහි ඇනුනොත් පැසවනසුලු තුවාල ඇති වේ.
වියලි මානා කොල, පොල් අතු සහ පෑහූ අතු එක් ගොඩකට එක්කර ගිනි තබන්නේ තාත්තා විසිනි. තාත්තා ගිනිමැල ගැසීමටත් අතු ඉති පාහින්නටත් පුදුම ලෙස කැමතිය. හවස නා, අදුරු වැටී එන වේලාවට පොල් අගිස්සක් ගිනි තබාගෙන වත්ත වටේ යන තාත්තා වත්ත පුරා ඇති කොල ගොඩවල් වලට ගිනි තියයි. "පට පට" හඩින් පුපුරමින් මානා ගොඩවල් පැයක් පමණ දැවේ. තාත්තා සරම පිටුපසට කැසපට ගසාගෙන ඒ දෙස බලා සිටී. ගිනි එලියෙන් තාත්තාගේ මුහුන රත් පැහැ ගැන්වේ. ඇතැම් කරුමක්කාර පොලගෙක් ගින්නට හසුවී මිය ගොස් තිබෙනු පසුවදාට දැකිය හැකිය.
පසු කාලීනව තාත්තා මුලුවත්තම බිම් කොටවා වත්ත පුරා තිබුනු මානා සදහටම අතුරුදන් කර හැරියේය. දැන් එහි ඇත්තේ තේ වගාවකි.

Comments
Post a Comment