තාර පොකුණේ සඳවත
ජීවිතේ ගිනි කන්ද පාමුල අඳුර රජයන රෑ මැදියමේ තෙරක් නොපෙනෙන විලක් අසබඩ රළු බොරළු මත ඇණ තබාගෙන මම පොකුණ දෙස බලා සිටිමි එහි ඇත්තේ දිය නොව ගොජ දමන උතුරන කලු පැහැති උණු තාර අහසේ එකදු තරු එලියක් හෝ නැත රෑ කුරුල්ලෙකු හෝ තටු ගසන්නේ නැත ඈත කඳුකර ඉසව්වේ සිඟාලයෙකු හෝ හඬ තලන්නේ නැත ඒ විලේ එක් ඈත කෙලවරක කුඩා එළියක් නිවි නිවී දැල්වෙයි ඇතැම් විට, එහි මෙහෙට වඩා දාහය අඩු ඇතැයිද සිතෙයි දැවෙන ගිනි කන්දෙන් මිදී උණු තාර පොකුණේ පිහිනා එහි යන්නටම ඇතැම් විට මට සිතෙයි ඒ තාර පොකුණේ අඳුර මඳකට මකමින් මසකට වරක් පුරපස-පසලොස්වක-අවපස-අමාවක සුපුන් සඳක් ටිකෙන් ටික නැඟ එයි බැස යයි ඇතැම් මූසල දිනක ඒ පසලොස්වක සඳද තාර විල් වාශ්පමය වලාවක නිමේෂයකට බොඳව යෙයි ඉඳින් ඒ සඳ නැඟ එන එවන් එක් මැඳියමක තාර විල සුනිල විලක් සේ සඳ දියේ නැහැවෙයි ඈත කන්දේ නොදත් අත්තක රෑ කුරුල්ලෙකු හඬ තලයි ලැවැන්දර මලක සුවඳක් තාර ගඳ පරයා නැහැ තුඩේ දැවටෙයි ඈත විල් කෙලවර නිවි නිවී දැල්වෙන එළිය සඳ එලියට අවනතව මැකී යයි සොඳුර! ඔබ සඳ එළිය මේ තාර පොකුණ මත මසකට වරක් වැටී දිලුළන මමයි ඒ මානවක මාසික සඳට ලොබින් තාර පොකුණෙහි කෙලවර දිළෙන සහන් එළිය අත් හැර රළු බොරළු පොල