අරණකට පෙම් බැද
මෑත කාලයේදී ඉතා හොද සිංහල පරිවර්තන පොත් දෙකක් කියෙව්වා. එක පොතක් චින්තා ලක්ශ්මී සිංහාරච්චි වංග බසින් සිංහලට නැගූ අරණකට පෙම් බැද. අනෙක එන්.පී, විජේරත්න මහතා ඉන්ගිරිසියෙන් සිංහලට නැගූ දෙවොලේ සැගවුන අභිරහස. සිතට වඩාත්ම සමීප වුනේ අරණකට පෙම් බැද කියල කීවොත් නිවැරදියි. සුන්දර පරිසරය සහ සුපුරුදු භාවය මිසක් අනෙකුත් පරිවර්තනයේ වැරැදහක් නෙමේ. අරණකට පෙම් බැද කියවද්දි මට මතක් වෙන්නේ අපේ මහ ගෙදර. අපේ ගෙදර තියෙන්නෙ කුඹුරු වලින් වටවූ දූපතක් වගේ ඉඩමක . කුඹුරු වලින් ඔබ්බට තියෙන්නෙ පොඩි කදු ගැට . ඒවායේ මෑතක් වනකම් පදිංචි කරුවො හිටියෙ නැහැ . පසු කාලීනව තේ වගා කරන්න කලින් ඉලුක් හා මානං කැලයක් තමා තිබුනෙ . විශාල මිදුලක් තිබ්බා . හද එළියෙ සුන්දරවත්වය වඩා හොදින් දැනෙන්නෙ නිකිනි මාසෙට . පොඩි වැහි රැල්ලකින් පස්සෙ හද එලිය වැටිල තියන මිදුලට වෙලා ඉන්න මම හරි ආසයි . ගෙදර හැමෝම නිදි . අපෙ සුරතල් බලු පැටියා වෙච්ච ටොමියා ඇවිත් මා ගාවට වෙලා ඉන්නවා . තෙත බරිත් පොල් අතු සද එලියට රිදී ඉරි වගේ දිලිසෙනව . ඉලුක් යාය " සර සර " හඩ