තාත්තා
තාත්තා අප හැර ගිහිං මේ ඔක්තෝබරේට අවුරුදු 08 ක්. තාත්තා හිටියානම් මේ වෙද්දි අවුරුදු 72 ක්. මුණුබුරෝ මිණිබිරියො බල්ලො පූසො ඔක්කොම වටකරගෙන සන්තෝසෙන් ඉන්නව දකින්න අපිට පිනක් තිබිල නෑ. දැන් වෙද්දි අපි හැමෝටම වාහන තිබ්බත් අපිට තාත්තට කියල වාහනයක් අරන් දෙන්න උනෙත් නෑ. පොඩි නංගි ලගදිත් ඒ කතාව මතක් කලා. තාත්තට ජීවිත කාලෙටම තිබුනෙ පුට් බයිසිකල් එකක් විතරයි. පහුකාලීනව තාත්තම ඒක කාට හරි දීල තිබ්බ. තාත්තාගෙ අ ... සනීපය හොදටෝම අසාද්‍ය වෙනකම් අපි කවුරුත් දැනන් උන්නෙ නෑ. මම හිතන්නෙ තාත්තා අපිට තේරෙන්න ඇරියෙ නෑ, හංගං හිටියා මිසක්ක. තාත්තා වේදනාව වැඩි උනහම ඇද විට්ටම හපාගෙන ඉවසගෙන හිටියය කියල අම්මා අපිට කිව්වෙ බොහොම පසුකාලීනව. තාත්තා ඉස්සර උදෙන්ම නැගිටල කොලඹ ඉස්පිරිතාලෙ ක්ලිනික් යනව අපිට මතකයි. ඒ ඇරෙන්න අපි තාත්තගෙ අසනීපයක් ගැන හාංකවිසියක්වත් දැනන් උන්නෙ නෑ. ඒ කාලෙ ගමේ ඉදන් කොලඹ යනව කියන්නෙ පැය පහක විතර තෙහෙට්ටු වෙන වැඩක්. උදේ 4.15 ට හන්දියෙන් යන ඇඹිලිපිටියෙ ඩිපෝව කොලඹ බස් එකේ යන්න ඕනි. ඒ බස් එකේ සෙනග සූ ගාල. ගොඩක් වෙලාවට කොළඹ ට යනකම්ම හිටගෙනයි යන්න ඕනි. මාත් පස්සෙ කාලෙක කැම්පස් යන්න ඔය බස් එකේම ගි