දෙවි මකුළු විමන
කුඹුරු වලින් බොහෝ දුරට වටවූ දූපතක් වන් ඉඩමක , නිරිත දිගට වන්නට පිහිටි කුඹුක් ගසක් විය. කවුරුන් කවදා සිටවූවාදැයි නොදන්නා එහි , උස් පාදම් ලෙස විහිදී ගිය මුල් ගොන්න මැද , නිල් කැටෙට දිය පිරුණු බොන ලිඳක් විය. මොනයම් නියං සායකදී හෝ , මේ ලිඳ සිඳී ගියේ නැත. තුන්කල්හිම , දිය උතුරා පිටාරය යයි. ඒ ලිඳෙහි ගල්පාඬින්ද , නලහඳයන්ද , තිත්තයෝද , මඩකණයෝද සමඟියෙන් විසූහ. නියඟයට ගමේ අනිකුත් ලිං සිඳී යත්ම , ගම්මුන් පෙරහැරක් මෙන් , දිය ගෙන යාමට , ' කුඹුකේ ලිඳට ' එති. ගුණවත් ගෘහපතියාගෙන් , පතිරත්න මහතාගෙන් ඊට බාධාවක් නොවීය. පොල් කටු වල ගැසූ ඉටිපන්දම් , හුළු අතු , විදුලි පන්දම් ආදියද රැගෙන රාත්‍රී මැදියම වන තෙක් දිය ගෙන යාමට එන ගම්මුන් නඟන කන්කරච්චලය , ඒ මහතාට හුරුය. එතුමාගේ සිහිකැඳවීමට , තෙමසකට වරක් එක් රොක් වන ගම්මු , ලිඳෙහි දිය ඉසිති. පෙඳ පාසි සහ කුඹුක් කොල ඉවත ගෙන දමති. දිය සෙවල බැඳී ඇති ගල් පර , පොල් ලෙලි බාග වලින් පිරිසිදු කරති. ලිඳ ඉසින විට , මාළු සමූහයා ගැරුම් වට්ටියක් මගින් දිය බේසමකට එකතු කර , ලිඳ තරමක් පිරුණ පසු මුදාහරින්නට කෙසෙල් කොලයකින් වසා තබති. ලිඳෙහි එක් කොණක් , නයි පෙණයක් බඳු දිය උ