සේපාලිකා
බස් එක කැම්පස් හන්දියට එද්දි හවස හත පහු උනා. වටපිටාවෙ පරිසරයේ අමුතු රස්නයක්. අහසේ වලාකුළු පිරිලා. වැඩ අහවර වෙලා ගෙවල් වලට මිනිස්සු යන වේලාව. සේපාලිකා බසයෙන් බැස්සෙ ඕනවට එපාවට , අන්තිමට. අතේ උණුහුමට ගුලිකරන් හිටිපු රුපියල් දෙක කොන්දොස්තර කොලුව අතේ තියල අහක බලාගෙන බහින්න ගිහින් කකුලත් පැටලෙනව තව පොඩ්ඩෙන්. කැම්පස් එක ලඟ ඉදන් පහලට යන මොල්පේ පාරේ සෙනඟ ගොඩට එකතුවෙලා සේපාලිකා පහලට ඇදුනා. තටමමින් හිටපු අහස හෝස් ගාල කඩා වැටුනේ එතකොට. අතේ කුඩ තියෙන අය විජහට කුඩ ඉහල ගත්තා. එයාලා වැස්ස බලාපොරොත්තුවෙන් කුඩ අතේ තියාගෙන සූදානමින් හිටියේ. මෝටර් බයිසිකල් , කුඩ නැති උදවිය කඩ පිල් වලට ගාල් උනා. මෝල්පෙ පාරෙ මේ වෙලාව වනවිට කැම්පස් ලමයින්ට කෑම විකුණන කඩ කාර්ය බහුලයි. ගොඩක් කාන්ඩෙ වැස්සට ගොඩ උනේ ඒ කඩ වලට. කරකුට්ටන් වෙලා තිබ්බ තාර පාර , මඩ ගඳක් මුසු දුමාරයක් විහිදෙව්වා. සේපාලිකාගේ අත් බෑගයේ කුඩ කබලක් තිබුණත් , ඒත අතට ගන්න ඈට උනන්දුවක් නෑ. වැස්ස වහින්නෙ ඇයට පිටින් වගේ මහ වැස්සේ තෙමි තෙමි ඈ පාර දිගේ පහලට ඇදුනා. වැස්සට ඇගේ චීත්ත මල් ගවුම ඇඟට ඇළුනා. නිතඹ , ලැම පසුපස හැඩතල දුටුව වීල් රියදුරෙක් ඈට ලංකරල නැවැත්