බිලාල හීනය


ගඩුවෙක් ලෙස සලකන පූසෙකි

මා ඇවිද යන මඟ පසෙක
තාප්පයක් මත මුණිවත රකින
සුදු කළු සිරුරේ අලු පැහැති දුහුවිලිය
රැවුල් ගස් පිලිස්සුනු ලකුණුය.
අඩවන් ය ඇස්
කඩ තොළුය කන් පෙති
වල්ගයේ ඉතිරිව ඇත්තේ
අඟල් හතරක පමණ කොටහකි
ඇතැම් වැසි දිනයක
තෙත පාන් මෙන් හැකිලී සිටින
සීතල නත්තලේ
බෝලයක් සේ ලෝම පුම්බන
"ඤාව්" වත් කියන්නෙම නැති,
"සේ සේ" කියා අඬගසන කල
ඉඳ හිට විසිකරන මාරි විස්කෝතුවක්
කටින් රැගෙන තාප්පයෙන් පැන
අතුරුදන් වන උඩඟුකම!
මම රවුමින් රවුමට යමි
මා සිටින මහල් නිවෙස වට
කණුවක ගැටගැසූ සුනඛයෙකු මෙන්
මගේ වපසරිය සීමා සහිතය
උදේ අට රෑ අට
සති අන්ත රෑ සාද
අලස සුවයෙන් විසු කලක්
මතකයට නගාගත නොහැක
බලලෙකු වන්නට සිතෙයි මට
ජීවන බර පොදිය හිසින් බිම තමා
ඇස් අඩවන්ව තාප්ප කණ්ඩියක සිටින
කැමති විට ගස්සන
ඤාව් වත් නොකියා හිතුනොත් නැඟිට යන
2024.5.28

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!