අනූ හයේ අපේ කතා, අටවන කොටස: වසන්ති මිස්
ගන්කන්ද මැදි විදුහලෙහි හයවන වසරට ඇතුලු වීමට පෙර, මා උගත්තේ ගමේ පාසල වන හිරමඩගම මෛත් රිය මහා විද් යාලයෙනි. පන්තියේ පලමුවැනියා හෝ දෙවෙනියා වෙමින් පාසලේ 'බ් රයිට් කේස්' එකක් වූ මම ගන්කන්දට ඇතුළු වන්නේ එකල පැවති ඇතුලත්වීමේ විභාගයෙන් නව වෙනියා වෙමිනි. ඒ වෙත්දී පහේ ශිෂ් යත්වයක් නොවීය, තිබුණේ හයේ ශිෂ් යත්වයයි. ගන්කන්දයට අපේ පාසලින් එවර ඇතුල් වූයේ මම පමණි. කිහිප දෙනෙකු ඇතුලත්වීමේ විභාගයට පෙනී සිටියද, කිසිවෙකුත් සමත්ව සිටියේ නැත. ගන්කන්දයට ගිය පලමුවන දිනම පාළුව මා වෙලාගත්තේය. සමීප මිතුරන් කිසිවෙක් හෝ නොමැතිව,නන්නාදුනන මිනිසුන් පිරි බස් රියක තට්ට තනියම කිලෝමීටර් දහසයක් මඟ ගෙවා පාසල් යාමද ලේසි පාසු නොවීය. පාසලට ගිය පලමු දින, පැල්මඩුල්ල නගරයෙන් බැසගත් විට පාසල ඇත්තේ වම් පසද, දකුණු පසද යන්න සිතාගත නොහැකි විය. මම පාසල් ලමුන් පසුපස ගියෙමි. ඇතුලත්වීමේ විභාගයට සහ පාසලට බාර දීමට ආ දෙදවසේ මතකය ඔස්සේ ජාමේ බේරගතිමි. අපේ තාත්තා පිහිනීමට උගන්වන්නේ වතුරට තල්ලුකර,ජබු ගසා ගොඩ එන්නට සැලැස්වීමෙන් මිසක ක් රමාණුකූල පිහිණුම් පාඨමාලාවක් ඔස්සේ නොවේ! ගන්කන්දයේ මුල් වාර විභාගයෙන් මට ලැබුනේ 18 වන ස්ථ...