අනූ හයේ අපේ කතා, හත්වන කොටස : සුබේ
ඇඹිලිපිටිය රත්නපුර මහා මාර්ගයේ, කහවත්ත, පනාවැන්න, ගොඩගම අනුපිලිවෙලින් පසු කරද්දී, වම්පසින් කිරිබත්ගල කඳුවැටිය, කිරිබත්කැටයක හැඩයෙන්, නීල-කොල පැහැයෙන් පෙනෙන්නට පටන් ගනී. ඒ දැක්ම, ගොඩගම 'ගම' පසුකර, බටලන්ද කන්ද මුදුනට එද්දී වම් පස පස්කණ්ඩියක වැසී අතුරුදන් වෙයි. එතැන සිට පැල්මඩුල්ල නගරය දක්වාම ඇත්තේ සීඝ් ර බෑවුම් සහිත වංගු පෙලකි. මේ දෙනවක් ගං නිම්නයේ, පැල්මඩුල්ලේ අපේ රාජ් යයේ කඩදොරයි. එහි මුවවිටදීම දකුණු පස අහසේ ඉහල ඈතින්, කුට්ටාපිටිය කන්ද පෙනෙන්නට පටන්ගනී. කුට්ටාපිටිය කන්ද, පෙනුමෙන් නම් කිරිබත්ගලට වඩා මිටිය, ඒත් ඇත්තටම සුළු වශයෙන් උසය. දෙනවක් ගං නිම්නයේ, ගංගාව පෙනෙන නොපෙනෙන මානයක රැඳෙන සොඳුරු ගන්කන්ද විදු පියසේදී සමාජ අධ් යයනය පාඩමට අප උගත්තේ එහෙමය. ඒ දැනට වසර තිස් එකකට පෙරය. මම බටලන්ද කන්ද මුදුනේ සිට පැල්මඩුල්ල දෙසට රිය පදවමින් පල්ලම බසිමි. කුට්ටාපිටිය කන්දේ කිරිඳි ඇල්ල පෙනී නොපෙනී යයි. ආදරණීය ගන්කන්ද විදු මාතාව ඇත්තේ කිරිඳි ඇල්ලට ඉදිරියෙන් වූ කඳු මුවාවකය. පාසලට කිරිඳි ඇල්ල නොපෙනේ. කිරිඳි ඇල්ල අසලටද පාසල නොපෙනේ. අප පාසල් යන සමයේ, ඇතැම් තද වැසි සමයක, කිරිඳි ඇල්ලේ හෝ හෝ හ