අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!
පාසලේ පිරිමි ලමුන්ට බොහෝවිට වංතකමක් , එසේ නැතහොත් ආරූඪ නාමයක් , සරලව කිවහොත් ' කාඩ් ' එකක් ඇත. මෙම වංතකම් විවිධාකාර කාරණා අරමුණු කොටගෙන විවිධ කාලයන්හිදී ඇති වූ ඒවා වෙති. ඇතැම් විට අලුත් වංතකමක් නිසා පරණ වංතකමක් යටයෑම හෝ ඒ වංතකම් දෙකම එකතු වී අලුත් වංතකමක් ඇති විය හැකිය. මගේ පාසල් කාලයේ වංතකම කොකාය. හේතුව පැහැදිලිය. මම පාසල් කාලයේ හීනිය , උසය. එක කලක පංතියේ සිටි උසම ලමයා මම වීමි. කලකින් ඒ වාර්තාව අභිබවා යාමට කිහිපදෙනෙක් සමත්වූවත් , මගේ වංතකම එසේ මැකී ගියේ නැත. මම මගේ වංතකමට එකල කැමති නැත. අකමැත්ත , වංතකමක් මුල් බැස ගැනීමටහේතුභූත වන්නේය. තවමත් " කොකෝ" යනුවෙන් මට අමතන්නෝ මිතුරන් අතර දුලභ නොවෙති. වංතකම් හා ඒවායේ මූලාශ්‍ර කතා කිරීමට යාම එතරම් සුදුසු නැත. ඇතැම් ඒවාට මූලාශ්‍ර ඇත්තේම නැති අතර ඇතැමක මුල අසභ්‍යය. ඉඳින් ස්වකීය කැමැත්තෙන් යමෙක් දොඩයි නම් හැර , මම ඒවා කතා කිරීමට නොයමි. ඇතැම්විට එය අනෙකෙකුගේ සිත රිදවීමටද හැකිය. උදාහරණයක් වශයෙන් ගැහැනු යට ඇඳුමකට ඉංග්‍රිසියෙන් කියන පදය වංතකමක් වූ ඇත්තා අද විශ්ව විද්‍යාලයක ආචාර්‍යතුමෙකි.එයම සිංහලෙන් යොදා හැඳින්වූ මිත්‍රයා ප්‍රමුඛ ...