අනූහයේ අපේ කතා, සිව් වන කොටස: සර්කිට් පිස්සෝ
සර්කිට් පිස්සුව වැලඳෙන්නේ හය හත වසරේදී පමණ වෙසක් සමයත් සමඟයි. විදුලි බුබුළු වලින් වටපිටාවේ සහ මඟේ තොටේ සිදුවන සැරසිලි දකින අපට බුද්ධ රූපයක් , බුදුරැස් වලලක් , මෝටරයක් , බැට්‍රි කෑලි දෙකක් සහ වයර් උවමනා වේ. මේඋවමනාව වැඩියෙන්ම ඇත්තේ නිවෙස් වල විදුලි බලය නොමැති අපවැනි ලමයින්ටය. මේ වන විට ශිෂ්‍යත්ව විභාගය පසුවී ඇත , සාමාන්‍ය පෙල පේනතෙක්මානයක හෝ නැත. එකල කොහොමත් විභාග පීඩනය අවමය. අප , අම්මලා තාත්තලාට ඇවටිලි කර කෙසේ හෝ ඉහත කලමනා ටික මිලදීගන්නෙමු. රටක් රාජ්‍යයක් ලැබුනාක් මෙන් නිවෙස් වලට යන අපට රැස්වලල්ල කරකවනකම් ඉවසිල්ලක් නොමැත. ධන රින දැනගත යුත්තේ එය මාරු උවහොත් බුදුන්වහන්සේගෙන් රැස් විහිදෙනවා වෙනුවට උන්වහන්සේට බුදු රැස් එකතු වෙනවා මෙන් පෙනෙන නිසාය. නිවසේ වයසක ආතෙක් හෝ ආච්චියෙක් වේ නම් වැඩේ කොහොමත් ලේසි නැත. ප්ලයිවුඩ් වුවත් බුදුපිලිමයට ගරුසරු දැක්විය යුතුය , හරියට රැස් වලල්ල කරකැවිය යුතුය. " පුතේ පරිස්සමෙන් වස් වදින වැඩ කරන්න නම් එපා බුද්ධ රූප එක්ක" ආතා හෝ ආච්චි කාරුණිකව කරුණු පහදා දෙයි. ඇතැම්විට හවසක පහන් පත්තු කර බුද්ධ වන්දනාව සිදුකරද්දී ලමා ලපටින් වන අපගෙන් උන්වහන්සේට