ආශාව
කණාමැදිරියන් කිරි සයුර පුරා ලයි.
වේදනාවෙන් පීඩිත උල්කා
දුකින් සට සට ගා ඇද වැටෙයි.
මතු මහල් තලයේ
අරුන්දතී තරුව ඇස ලා සිටින මට
ලොවේ කෙලවරින්ම නැඟ එන
ඔබේ වස්දඬු රාවය කණ වැකෙයි.
මම, ඔබේ උණුසුමට ලොල්ව
සරත් සෘතුවේ මඳ සුලඟ සිප ගනිමි.
චක්‍රාවාට අතර
කන්‍යාවියකගේ දිගු වරලසින්
කඳුළු සේ ඇදහැලෙන
මාලතී මල් පෙති මෙන්
මම, මල් ඔන්චිල්ලාවක ගල් ගැසෙමි
ශතකයෙන් ශතකයට
ඔබේ මතක සොහොනේ සැතපෙමින්
මකරෙකු සේ ඔබේ ආදරය සමරමි..
අපි අත් නොහැර, නොබියව
දෛවය හා යුධ වදිමු
කෙදිනක හෝ අපේ ආත්මයන්
කණාමැදිරි එළි අතර
කිරිසයුරේ පාව යනු ඇත
Translation
of the poem ‘Longing’, Amali Anupama Mallawaarachchi, graveyard my back garden,
page 20
Comments
Post a Comment