පාසල් බස් රථය - 2 කොටස.
පාසල් බස් රියට රියදුරු මාමලා දෙදෙනෙකු සිටියේය. වීරකෝන් මාමා සහ බණ්ඩාර මාමාය. වීරකෝන් මාමා ගමේම වාසය කල අතර බණ්ඩාර මාමා අල්ලපු ගමේය. විට කන,සැර පරුෂ, කොට කොටා යන වීරකෝන් මාමාට වඩා විනීත, නිහඩ පාගලා යන බණ්ඩාර මාමාට අපි ප්‍රිය කලෙමු. වීරකෝන් මාමා කුකුල් කේන්ති කාරයෙකි. ඇතැම් විට උදේ පාන්දරින්ම බස් එක රැගෙන යයි. එවිට අපට සිදුවන්නේ හන්දියට පයින් ගොස් වෙන බස් රියක පිහිට පතා පරක්කු වී පාසල් යන්නටය. වීරකෝන් මාමා නිතරම කාට හෝ බැන වදියි. වෙනකෙකු නැත්නම් බැට්‍රි පෙට්ටියේ වාඩි වී සිටින අපට හෝ අත පය දිගු කරමින් බන වදී. ගාට ගාට බස් රිය පදවන ඔහු නිසා බොහෝ දින වල අප පාසල් ගියේ පරක්කු වීමෙන් අන්තුරුවය. බණ්ඩාර මාමා ඉතා නිහඩ චරිතයකි. වචනයක් කතාකරන්නේ ඉතාම කලාතුරකිනි. වේගයෙන්, ඉදිරිය බලාගෙනම බසය ධාවනය කරයි. මා පාසල් ගිය වසර අටක කාලය තුල (1988-1996) මේ දෙදෙනා අතින් කිසි කලෙකත් බස් රිය අනතුරකට භාජනය වී නැත. කොන්දොස්තර වරු නිතර වෙනස් උවත්, එසේ "ආව ගිය" චරිත අතර නොමැකෙන සලකිණකි, අජිත් අයියා.ගොඩකවෙල දුශ්කර ගමක දිලිදු පව්ලක උපත ලද අජිත් අයියා ගොඩකවෙල මද්ය මහා විද්යාලයේ උසස් පෙල ජීව විද්යා අංශයෙ