සංඥා සයන්ස්කාර සවිඥාණ
පත්මසිරි ශිෂ්‍යත්වේ සමත් වෙලා කොලඹ ආනන්දෙට ආවේ හැත්තෑව දශකෙ අග කාලෙ. ඊට පස්සෙ අසූව දශකෙ මැද වෙද්දි , සාමාන්‍ය පෙල සමත් වෙලා , උසස් පෙල පංතියේ. විද්‍යාව හෝ ගණිතය උසස් පෙලට තෝරා ගන්න සුදුසුකම් සැපිරුවත් , පත්මසිරි තෝරා ගත්තේ කලාව. කලා පන්තියෙ වුනත් ඉගෙන ගත්තෙ විද්‍යාවම තමයි. දේශපාලන විද්‍යාව , ආර්තික විද්‍යාව. ඊට අමතරව බෞද්ධ ශිෂ්ඨාචාරය සහ සිංහල. පත්මසිරිගේ හොඳම යාළුවා රාජන්. පත්මසිරි කොලඹ ආවේ දකුණේ දික්වැල්ලෙන්. රාජන් උතුරේ වැල්වටිතුරෙන්. දෙන්නටම වැලි සම්බන්දයි. අසූතුනේ කලබල අස්සේ රාජන්ට වෙච්ච යම් කරදර අස්සේ උනත් , මිත්‍රත්වය එහෙමම රැඳුණා. රාජන් ඒ වෙද්දි දෙමල වගෙම සිංහලත් හොඳින් හසුරුවනවා. දෙන්නටම ' විද්‍යාවල් ' ටිකක් විතර තේරෙනව හොරයි. ඉතින් ආර්ථික විද්‍යාවට ටියුශන් පන්තියක් හොයා ගත්තා. අනෙක් විද්‍යාවටත් ටියුශන් පන්තියක් හොයාගන්න හැදුවට හරි ගියේම නෑ. දේශපාලන විද්‍යාව නොතේරෙන්නෙ පාසලේ උගන්වන ආකාරයට. ඒක ක්‍රමයේ වැරැද්දක්ද , තමන්ගේ හැකියාවේ ප්‍රශ්නයක්ද කියල රාජන්ටත් , පත්මසිරිටත් , තේරුමක් වුනේ නෑ. දේශපාලන විද්‍යාව ඉගැන්වුවේ ලීලාවතී ටීචර්. ටිකක් තරබාරු ටීචර් පන්තියට පාවෙන්...