අනූහයේ අපේ කතා, පලමු කොටස: ශ්‍රී දේවි අයි ලව් යූ
පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ ගතකල සුන්දර පාසල් සමයේ මතකයන් අවදි කරන්නටය කියා මිතුරන් ඇරයුම් කලේ වරක් හෝ දෙවරක් නොවේ. ලියන්නට වාඩිගෙන සටහන් කුරුටු ගා අමතක කර දැමුවේ ද වරක් හෝ දෙවරක්ද නොවේ. එසේ වීමට විවිධාකාර කාරණා බල පෑ අතර ප්‍රධානම හේතුව වන්නේ "පාසල් සමයේ මතකයන්" ලෙස වෙන්කිරීමට නොහැකි ලෙස ඒ අත්දැකීම් අපේ යොවුන් විය සමඟ බැඳී පැටලී වෙලී තිබීමයි. ඇතැම් අත්දැකීම් පාසල් ජීවිතය හා ගැටලන්නට තරම් මුදු සුමුදු ද නැත. කෙසේ වෙතත් ඒ අත්දැකීම් සඳහා එක් වූ මිතුරන් පාසල පසුබිම් කරගෙන හෝ පාසල නිසා හමුවූවන් වීම හේතුවෙන් පාසල් සමයේ අත්දැකීම් යැයි කීමේ වරදක් නොවූවා සේම , අප සැම යෞවනෝදයේ සිටීම නිසා යොවුන් වියේ අත්දැකීම් යැයි කීමේ වරදක්ද නොමැත්තේය. එබැවින් මම අපේ යොවුන් විය පිලිඹඳව ලිවීමට ඉටා ගතිමි. අප හා අපේ සමකාලීනයන් ගෙවූ යොවුන් විය සුවිශේෂී එකක් යයි මම උදක්ම විශ්වාස කරමි. අප උපත ලබා ඇත්තේ 77 වසරේ හෝ 78 වසරේය. රට සංවෘත ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයක් කරා වෙනස් කිරීමෙන් සමාජ හාදේශපාලන විපර්‍යාසයන් රැසකට මඟ පෑදූ යුගයකය. වසර 26 ක් තිස්සේ කණගාටුදායක ලෙස ඇදී ගිය වර්ගවාදී අනවශ්‍ය යුද්ධ