Posts

Showing posts from July, 2021

අයගම: ඌණ පූර්ණයක්

Image
  අයගම පිළිඹඳ මීට පෙර සම්පාදනය කල ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබිණි. අමතකව ගිය මතකයන් සහ මිත්‍රත්ව , නෑකම් රැසක් යලි පණ ගසා ආවේය. ඒ සිතුවිලි මත , පෙර ලිපියට ඌණ පූර්ණයක් සපයන්නට සිත් විය. මෙහි මුල් කොටස කියවා නැත්නම් , පලමුව එය කියවන ලෙස ඉල්ලමි. මේ සබැඳියෙන් පිවිසිය හැකිය. අයගම (rasikasanjeewa.blogspot.com)   අයගම ගම් පියස වසාගෙන තිබුණේ රබර් වගාවය. රබර් රොටී නැත්නම් ' රබර් ශීට් ' දෙවැනි වන්නේ ව්‍යවහාරික මුදල් වලටම පමණි. සෑම හන්දියකම පිහිටි රබර් කඩයකට හෝ සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති ' රබර් ස්ටෝර්ස් ' වෙතින් රබර් ශීට් මුදල් කරගත හැකිය. රබර් ශීට් පමණක් නොව ඔට්ටපාලු , පොල්කට්ටේ ඇලෙන කිරි බෝල , පෙණ රොටී කුමක් වුවත් මුදල්ය. කුඩා උන්ගේ එක් ආදයම් උත්පාදන මාර්ගයක් වූයේ මේ ඔට්ටපාලුය. ඔට්ටපාලුවලින්ම වට්ටුව බඳින උණ බට වෙසක් පහනේ කොල අලවන්නට , පාප්ප තනන්නට පිටි හා පල්මාණික්කම් ගන්නට , ඔට්ටපාලු විකුණා හෝ මුදල් ලබා ගත හැකිය. ඔට්ටපාලු අනවශ්‍ය ලෙස සොරකම් කිරීම වැලැක්වීමටද රබර් වතු හිමියන්ට ඇතැම් විට පියවර ගැනීමට සිදුවේ. මල්ලී සහ මම ආච්චි අම්මලාගේ නිවස ඉදිරියේ. 1984 වසරේ. එහා ගෙදර දයා අක්කාද පසු

මතක මාවත ඔස්සේ 01; ඇහැලියගොඩ

Image
  මගේ දෙමාපියන්ගේ විවාහයෙන් පසු , ඔවුන් මුල් වරට පදිංචි වී සිටියේ ඇහැළියගොඩය. ගුරු යුවලක් වූ ඔවුන් 1977 වසරේදී විවාහ වී එසේ පදිංචිව සිටියේ කුලී නිවෙස් වලය . අම්මා පරකඩුව පත්බේරිය නාරද විදුහලේත් , තාත්තා ඇහැලියගොඩ කනිශ්ඨ විද්‍යාලයේත් සේවය කලහ. මාත් මල්ලීත් උපත ලැබුවේ ඇහැලියගොඩදීය. මම උපත ලබා ඇත්තේ දෙමාපියන්ගේ පලමු විවාහ සංවත්සර දිනයේය. උපන් ස්ථානය ' ඇහැලියගොඩ ' ලෙස සටහන් වීම , මට සුවිශේෂීය ; ඒ සුවිශේෂී භාවය , ඇහැලියගොඩ , සබරගමුව දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්තානයක් වීම නිසා ඇති වූවකි. එම දුම්රිය මාර්ගයේ රත්නපුර - අවිස්සාවේල්ල දක්වා වූ කොටස ' අකුලාගෙන ගියේ ' 1977-1978 දක්වා කාල පරිච්ඡේදයේදීය. එකල්හිද එහි දුම්රිය ඉඳහිට ධාවනය වූ බව අම්මා පවසයි. දුම්රිය මාර්ගය ගලවාගෙන ගිය විට , මහජනයා ඒ බිම් අත්පත් කරගත් ආකාරය පිලිඹඳ ඇය මගේ ' කෝච්චි පොතටද ' කරුණු සැපයූවාය. මම ඇහැළියගොඩ ජීවත් වූයේ උපතේ සිට වසර තුනක් දක්වා ඉතාම කෙටි කාලයකි. එනමුත් , ඒ කුඩා කාලයේදී පවා මගේ සිතේ ගැඹුරින්ම තැන්පත් වූ අවස්තා සහ සිද්ධි ගණනාවක් ඇත. ඊට අමතරව අම්මා කියන රසකතා , බය හිතෙන සහ දුකහිතෙන කතා

සුරංගනා කතාවක්

Image
මම ඔබට සුරංගනා කතාවක් පවසමි. සුරංගනාවන් වෙසෙන්නේ අහසේය. ඔවුන් ඔබගේ දුකේදී පිහිට වෙයි. සොයා බලයි. අසා සිටී.   මේ සුරංගනා කතාවේ සුරංගනාවිය පහල වුනේ අහසින් නොවේ. සයිබරයෙනි. මම අසරණ වී දුකින් සිටියෙමි. සේලයින් කටුවකින් ගලා ආ දියරයේ සැර දිව තිත්ත රස කර තිබුණි. පිය විප්පයෝගය තදින්ම දැනෙමිනි. වේලාව රාත්‍රී එකොලට පමණය. අන්තිම කටුවත් අතට ඇණ , හෙදිය නික්ම ගියේ විදුලි පහන්ද නිවා දමාය. නින්ද අහලකවත් නොවීය. ඈ ආවේ එ මොහොතේය. මැසෙන්ජරය ' ටිං ' ගෑවේය. " අයියාට මාව මතකද ?" මම දෑස් පුංචි කර බැලුවෙමි. ජංගමය ඔබ ඔබා සිටීම පුරුද්දට ගොස් ඇත්තේය. නර්මදා කෝදාගොඩ. කෝදාගොඩ පුරුදු නැත. නර්මදා ?   පුරුදුය. නර්මදාලා කොතෙක් සිටියත් , සිතෙහි ඇඳෙන එක් රූපයක් පමණක් විය. ඒ මතකය දිව යන්නේ පාසල් සමයටය. මේ ඇයමද ?   මම රූපය පිරික්සා බැළුවෙමි. සුසුරුදු නැත්තේද නැත. ඇල්බමයට ගොස් තවත් පිරික්සා බැළුවෙමි. ඇගේ මංගල ඡායාරූපයක් එහි විය. ඔව් ඒ ඇයයි! *** පාඨක ඔබ වටවන්දනාවේ රැගෙන නොගොස් , කතාවේ අග මුල තේරෙන ලෙස පැහැදිලිව කියන්නට මෙතැන් සිට උත්සාහ කරමි. නර්මදා කෝදාගොඩ , එසේ නැත්නම් නර්මදා න

අයගම

Image
  පිය පාර්ශවයෙනුත් , මවු පාර්ශවයෙනුත් , අපට මහ ගෙවල් දෙකක් සහ ' ගම් ' දෙකක් විය. ' ගමේ යනවා ' කියා ඒ දෙපසෙහිම ගමන් බිමන් වලට යෙදුනත් , ' ගමේ යනවා ' කියූ විට අපට බොහෝ සතුට දැනවූයේ අම්මාගේ ගම් පියස වන අයගම යන ගමනයි.   අයගම , රත්නපුර පානදුර මාර්ගයේ ඉඩංගොඩට නුදුරු හැරණියාවක පාලමින් හැරී කිලෝමීටර් 14 ක් ගිය විට හමුවන ගම් පියසකි. ඒ ගම , වැඩි වෙනසක් නොමැතිව තවමත් ඇතත් , මීට දශක තුනකටත් කලින් , පොඩි වුන් ලෙස විඳි අමන්දානන්දයේ පුළුටක් හෝ දැන් ඒ ගමෙහි නැත. අයගම යෑමට තරම් මාත් මල්ලීත් නංගීත් ආශා කල වෙන ගමනක් එකල නොවීය.   අයගම යාමට අපි පිටත් වන්නේ හිමිදිරියේමය. උදේ පහ හමාරට හන්දියට පයින් යන අපි , රත්නපුර බලා යන බසයක් එනතුරු රිදීවිට හංදියේ බලා සිටින්නෙමු. එකල තාත්තා වත්තේ යහමින් එලවළු වැවීය. අයගම එලවළු වගාවක් නොවූයෙන් , ඒ එළවළු වලින් පංගුවක් සීයාටත් ආච්චීටත් දීම පිණිස රැගෙන යෑම අනිවාර්යය.   " තෑගි ලෙසට දැන් , ගෙන යාමි බටු මිරිස්" තාත්තා දිත්තල කාලගෝල නාඩගමේ ගීයක වචන වෙනස් කර කියමින් අම්මාට විහිළුද කරයි.   රත්නපුරයෙන් උදේ 7 ට අයගම බලා පිටත් වන ලංගම බසයක් ඇ