ඇෆ්ගන් කතා 14: බුද්දා, කලාස්!
ඇෆ්ගනිස්තානයේ සේවයට යෑමට පෙර , අනෙකුත් බහුතර ශ්‍රී ලාංකිකයන් මෙන් එරට පිලිඹඳව නොපහන් හැඟීම් සමුදායක් විය. ඇතැම් අරාබි රටවල මෙන් බුදු පිලිමයක් ලඟ තබා ගැනීම සිර දඬුවම් විඳින තත්ත්වයක් වේ දැයි මා නොදැන හෝ , කුකුසකින් යුක්තව සිටියෙමි. නමුත් , ඇෆ්ගනිස්තානයට ගොඩ බැස මුල් සතියේම එවැනි තත්ත්වයක් නැතැයි මම දැන ගතිමි. එබැවින් , ඊලඟ වර ලංකාවට පැමිණ ආපසු යන විට , කුඩා පෝසිලේන් බුදු පිලිමයක් , පිත්තල පහනක් , පහන් තිර , පැන් බඳුනක් , හඳුන් කූරු සහ හඳුන් කූරු බඳුනක් රැගෙන ගියෙමි. කාබුල්හි සීත කාලයට මල් නොමැති නිසා , රෙදි මල් පොකුරක්ද මා විසින් මිලදී ගත් දෑ අතර විය. (දුර බැහැර අවදානම් සහිත රටක වෙසෙන විට දෙවියන් බුදුන් සිහි වීම ස්වාභාවිකය ! ) බුදු පිලිමය තැබීමට කදිම , ලාච්චු තුනකින් යුත් කුඩා රාක්කයක් මා සතු විය. එහි මුදුනත , අඩි දෙකක දිගකින් හා පලලකින් යුතු මතුපිටකි. ඇෆ්ගන් පිරිමි වරුන් සාම්ප්‍රදායිකව උරහිසේ දමාගෙන යන දුඹුරු පැහැති රෙදි කඩක් , කාර්යාලයේ ඉස්ලාම් උගතුන්ගේ අනුදැනුමද මත ඒ මත එලා , බුදු පිලිමයත් අනෙකුත් ආම්පන්නත් තැබීමෙන් කදිම බුදු කුටියක් නිර්මාණය කර ගැනීමට මට හැකි විය. මේ බුදු කුටිය